March, 16, 2026
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ පොහොසත් ගමක් ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කළ අඟුණුකොළපැලැස්ස වැව ආශ්‍රිතව බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ඊයේ (15) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
අඟුණුකොළපැලැස්ස “Leisure Island” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව බෝට්ටු අංගනය සහ “Leisure Island” ආපන ශාලාව විවෘත කිරීමද සිදුකෙරිණ.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් හත් කෝටි පහලොස් ලක්ෂයක් වුවත් රුපියල් හය කෝටි විසිදෙලක්ෂ පනස්නවදහස් පන්සිය හැත්තෑ හතරක වියදමින් මෙහි වැඩ අවසන් කිරීමට හැකි වී ඇත.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මූලිකව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රතිපාදන, දකුණු පළාත් ආණ්ඩුකාරවර ප්‍රතිපාදන, ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මෙන්ම ප්‍රජා දායකත්වය සහිත මූල්‍ය ප්‍රතිපාදන ද මේ සඳහා වැය කර ඇත.
ඊට අමතරව කොට්ඨාස සභා, මහජන ආරක්ෂක කමිටු, ග්‍රාමීය ස්වේච්ඡා සංවිධාන ඇතුළු ප්‍රජා ශ්‍රම දායකත්වය ද මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ඉවහල් වී ඇත.
Video Story