November, 4, 2024
ශ්‍රී ලංකාවේ අංක එකේ අධ්‍යාපන සන්නාමය වන Atlas, මෙරට අඩු පහසුකම්ලාභී දරුවන් වෙනුවෙන් වන සිය Atlas සිප්සවි ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය තවත් වසර 5ක් සඳහා දිගුකරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදුකෙරිණ.
Atlas Axillia සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අසිත සමරවීර මහතා සහ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මිය මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර කාන්තා, ළමා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.
ශ්‍රී ලංකාව තුළ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපනය අතරමග නවතින දරුවන් සිටීම කණගාටුදායක තත්ත්වයකි. එම තීරණාත්මක ගැටලුව ආමන්ත්‍රණය කරමින් එලෙස පාසල් අධ්‍යාපනය අතරමග නතරවීමේ අවදානමක් සහිත දරුවන් අඛණ්ඩව අධ්‍යාපනය වෙත යොමු කරවීම Atlas Axillia සමාගම විසින් ක්‍රියාතමක කරන Atlas සිප්සවි ශිෂ්‍යත්ව වැඩසටහනේ මූලික අරමුණයි.
Atlas සිප්සවි, සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා හිමි කරදීම අරමුණු කරගත් උදාර සමාජ මෙහෙවරක් වන අතර ‘කිසිදු දරුවෙකු අත්හැර දැමීමට ලක් නොවිය යුතු ය’ යන දැක්ම පදනම් කර ගනිමින් 2019 වසරේදී මෙම Atlas සිප්සවි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී.
මෙම අවබෝධතා ගිවිසුමත් සමග Atlas සිප්සවි ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවැනි අදියරේ සමාරම්භය සනිටුහන් වන අතර, වැඩසටහන මෙලෙස අඛණ්ඩව ක්‍රියාවට නැංවීම, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් Atlas ආයතනය දක්වන උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියකි.
Atlas සිප්සවි වැඩසටහන මගින් ප්‍රධාන අංශ තුනක් යටතේ දරුවන් මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබාදීමට කටයුතු කරයි. මෙහි පළමු අංශය යටතේ Atlas විසින් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදෙනු ලැබේ. දෙවැනි අංශය යටතේ අදාළ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර ලබාදෙන අතර, තුන්වැනි අංශය යටතේ පාසැල් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ඔවුන්ට සතුටින් පිරි ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කරදෙනු ලබයි.
Atlas සිප්සවි ශිෂ්‍යත්ව වැඩසටහන මගින් මෙවර මූල්‍යමය ආධාර ලබාදීමට තෝරාගනු ලැබූ සිසු දරුදැරියන් 300 දෙනාද ඇතුළුව මේ වනවිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකට අඛණ්ඩව සිය අධ්‍යාපනය සිදුකරගෙන යාමට අවස්ථාව උදාකර දී තිබේ.
“රටේ දියුණුවේ ජීවනාලිය වන්නේ අධ්‍යාපනය බව අප විශ්වාස කරනවා. සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව තිබිය යුතුයි. එම අවස්ථාව ඔවුන් වෙත ලබාදීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. එමගින් රටේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු විසඳීම වඩාත් පහසු වනවා.” Atlas Axillia සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අසිත සමරවීර මහතා පැවසී ය.
Atlas Axillia සමාගම, Atlas සිප්සවි ව්‍යාපෘතිය තුළින් පමණක් නොව, Atlas ගුරුගරු, Atlas learn, Homerun මව් දිරිය, වැනි ව්‍යාපෘති ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවේ සිසු දරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් වෙනුවෙන් අඛණ්ඩව කැපවෙමින් විශාල සමාජ මෙහෙවරක් සිදුකරයි.
ඡායාරූපය - අසිත සමරවීර- කළමනාකාර අධ්යක්ෂ, Atlas Axillia සමාගම, කේ. මහේසන් - ලේකම්, කාන්තා, ළමා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ගයනි කෞශල්‍යා විජේසිංහ - කොමසාරිස් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
Video Story