අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක උපරිම මිල තීරණය වෙයි

    November, 19, 2015

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 6 ක අලෙවිය සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කොට තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා කියා සිටියේ, උත්සව සමය ඉලක්ක කරගනිමින් වෙළෙඳුන් විසින් සිදුකරන හදිසි මිල ඉහළ දැමීම් වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

    මේ අනුව මයිසූර් පරිප්පු කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 190 ක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම අල රු. 145, ලොකු ළූණු රු. 155, කුකුල් මස් රු. 480, පැකට් කරන ලද පාන්පිටි රු. 95, වියළි මිරිස් රු. 355 වන පරිදි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිල නියම වී ඇත.