November, 27, 2025
කොළඹ ප්‍රමුඛතම වෙළඳ සාප්පු සංකීර්ණයක් වන Havelock City Mall, නොවැම්බර් 27 සිට දෙසැම්බර් 24 දක්වා නත්තලේ අසිරිය මවමින් " Magical Christmas at My Happy Place" යන තේමාවෙන් උත්සව සමය උණුසුම්ව පිළිගැනීමට සුදානම් වේ. උත්සව සමයේ ජනතාවට ප්‍රීතිය, සතුට සහ එකමුතුකම එක් කරමින් නව අත්දැකීමක් ලබා දීමට Havelock City Mall කළමනාකාරිත්වය සුදානම්ව සිටියි. පවුලේ හිත මිතුරන් සමඟ මෙම නවමු අත්දැකීම විඳ ගැනීමට සියලු දෙනාට අවස්ථාව උදා වනු ඇත.
ජනප්‍රිය ගායන ශිල්පිනී නටාෂා රත්නායකගේ විශේෂ සජීවී සංගීත රසය එක් කරමින් නත්තල් ගස ආලෝකකරණ උත්සවය සමඟ නොවැම්බර් 27 වන දින සවස 6.00 ට මෙම උත්සව අසිරිය ආරම්භ වීමට නියමිතය.
දින 28ක් පුරාවට මෙහි සුවිශේෂී අංග රැසක් අන්තර්ගත වන අතර, අඩි 5,000 ක කලාත්මක සකස් කරන ලද නත්තල් ගම්මානය සහ අඩි 35 ක උසින් යුත් ආකර්ශනීය නත්තල් ගස ඒ අතරින් ප්‍රධාන වේ.
මෙම උත්සව මාසය පුරාවට Havelock City Mall වෙත පැමිණෙන සියලුම දෙනාට සජීවී සංගීතය, කැරොල් ගීත, මැජික් සංදර්ශන සහ නත්තල් සීයා සමඟ විනෝද වීමටත් අවස්ථාව උදා වේ. දෙසැම්බර් 1 වන දින සිට ආරම්භ වන E FM හි සජීවී විකාශනය මෙහි සජීවී අත්දැකීම් වල වටිනාකම තවදුරටත් වර්ධනය කිරීමට සමත් වනු ඇත.
Havelock City සාප්පු සංකීර්ණයේ, උත්සව කාලසීමාව තුල සාප්පු සවාරියේ නියැලෙන සැමට " Magical Fortune - Unwrap and Win Big " දිනපතා දිනුම් ඇදීම සඳහාද සහභාගී වීමට අවස්ථාව හිමි වේ. මෙහිදී රු.10,000 ට වැඩි සෑම මිලදී ගැනීමක් සඳහාම ඉතා වටිනා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් ලැබේ. මහා දිනුම් ඇදීම අවසානයේ එක් ජයග්‍රාහකයෙකුට iPhone 17 Pro Max දුරකතනයක් ද ජයග්‍රාහකයන් තිදෙනෙකුට සතිපතා රු 100,000 බැගින් සහ දිනපතා ජයග්‍රාහකයින් තිදෙනෙකුට රු.10,000 බැගින් ද මුදල් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව උදා කර දී ඇත.
නත්තලේ සබැ අරුත තවදුරටත් වර්ධනය කර ගනිමින්, Havelock City Mall කළමනාකාරිත්වය ප්‍රජා සත්කාරයක් උදෙසා සිය දායකත්වය ලබාදීමට ද තීරණය කර ඇත. ඒ අනුව ළමා නිවාසවල සහ අඩු අදායම් ලත් පවුල්වල දරුවන්ට සාප්පු සංකීර්ණයේ උත්සව අසිරිය අත්විඳීමටත්, ඔවුන්ට විශේෂ තෑගි ලබා දීමටත් කටයුතු සුදානම් කර ඇත.
මෙම සුවිශේෂී අවස්ථාව පිලිබඳ සිහිපත් කරමින් Overseas Realty (Ceylon) PLC සමූහ ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රවීර් සමරසිංහ මහතා මෙසේ පැවසීය. " Havelock City Mall කළමනාකාරිත්වය, නත්තල යනු හුදෙක් උත්සව සමයක් නිර්මාණය කිරීමකට වඩා ප්‍රීතිය, ආදරය සහ සතුට පිරුණු කාලවකවානුවක් බවට පත්කළ යුතු බව විශ්වාස කරන්නෙමු. මෙම වසරේදී අප අපගේ පාරිභෝගිකයන්ට නවමු. උද්‍යෝගමත් සහ සිනහවෙන් පිරුණු අත්දැකීමක් ලබා දීමට සුදානම් බව ඉතාමත් ආඩම්බරයෙන් දැනුම් දෙන්නෙමු. නත්තල් සැමරීමට අවස්ථාවක් නොලබන දරුවන් අමතක නොකර ඔවුන්ටත් මෙම නත්තලේ සිරිය විදගැනීමට විශේෂ වැඩපිළිවලක් අප විසින් සුදානම් කර ඇත. එමගින් අප සාප්පු සංකීර්ණය තුළ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන සතුට මුළු මහත් සමාජය පුරා පැතිරවීමට අප බලාපොරොත්තු වෙමු."
අලංකාර, උසස් සහ උත්සව අලංකාරයෙන් පොහොසත් " Magical Christmas at My Happy Place "හරහා Havlock City සාප්පු සංකීර්ණයේ දී සැබවින්ම අමතක නොවන අත්දැකීමක් එක කර ගැනීමට සියලුම දෙනා වෙත ඔවුන් ගෞරවයෙන් ආරාධනා කර සිටියි.
Video Story