අතිසුඛෝපභෝගී Hilton Yala Resort විවෘත කිරීම ජනපති අතින් මේ සතියේ දී

    August, 15, 2023

    හිල්ටන් හෝටල් සමූහයේ නවතම අතිසුඛෝපභෝගී හෝටලය වන Hilton Yala Resort එළඹෙන අගෝස්තු 19 වන දා විවෘත කිරීමට නියමිතය. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් හිල්ටන් හෝටල් සමූහයේ මෙම අතිසුඛෝපභෝගී හෝටලය ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

    මේ අතර සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මීට සමගාමීව සංචාරක ප්‍රචාරක වැඩසටහන් මාලාවක් ද දියත් කිරිමට සැලසුම් කර තිබෙන බවයි.

    මෙය ශ්‍රී ලංකාවේ නැගෙනහිර තීරයේ එළිදකින පළමු ‘හිල්ටන්‘ හෝටලය වේ

    Hilton Yala Resort අතිසුඛෝපභෝගී විලා 42 කින් සමන්විතය.

    පසුගිය 2017 වසරේ දී Hilton හෝටල් සමූහය සහ Melwa Hotels & Resorts Private Limited අතර කළමනාකරණ ගිවිසුමක් අත්සන් තැබුණි. ඒ Melwa Hotels & Resorts Private Limited විසින් මෙරට හෝටල් 6 ක් ඉදිකිරීම සඳහා යි.  මෙය ඉන් එක් හෝටලයකි. Hilton Kandy Resort, Hilton Kosgoda Resort, DoubleTree by Hilton Nuwara-Eliya, DoubleTree by Hilton Colombo International Airport හා DoubleTree by Hilton Negombo එලෙස ගිවිසුම් අත්සන් තැබුණු සෙසු හෝටල් වේ. මෙම හෝටල්වල මෙහෙයුම් කටයුතු හිල්ටන් හොටේල්ස් විසින් සිදුකරනු ඇත.