January, 6, 2025
අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (06) දිනයේ දී පහළ යන ලදී.
එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 170.82 කින් පහළ ගොස් ඒකක 15,878.60 ක් ලෙසින් වාර්තා වූ අතර ඒකක 16,000 සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම ඒ අනුව විශේෂ සිදුවීමකි.
රු. බිලියන 8.57 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.
අඛණ්ඩ දින 26ක වර්ධනයකින් පසු කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් පසුගිය සිකුරාදා (03) දින වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය 299.13ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළේය.