අදත් බැඳුම්කර වෙන්දේසියක් – මිලියන 50,000 ක් අනුමතයි

    March, 31, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබූ අතර පරිණත කාලසීමා කාණ්ඩ 4 ක් යටතේ රුපියල් මිලියන 5,000 බැගින් රුපියල් මිලියන 20,000 ක් වටිනා බැඳුම්කර ඒ සඳහා ඉදිරිපත් කර තිබුණි.

    2018, 2019, 2021 හා 2028 යන වසරවල කල්පිරෙන මෙම භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලැබුණු ලංසුවලින් පිළිවෙලින් රුපියල් මිලියන 9,000 – 5,000 – 14,350 හා 21,660 යනාදී ලෙසින් ලංසු අනුමත කර තිබේ.

    මෙම බැඳුම්කර නිකුත් කරන ලද බර තැබූ සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පිළිවෙලින් 11.75%, 11.75%, 13.00% සහ 13.72 පරිදි වේ.

    මේ අනුව අද දින වෙන්දේසියේ දී නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු වටිනාකාම රුපියල් මිලියන 50,010 කි.