අද අවලංගු වූ මැදපෙරදිග ශ්‍රීලංකන් ගුවන් ගමන් මෙන්න

    March, 3, 2026

    මැදපෙරදිග මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යාවත්කාලීන කිරීමක්

    මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාවන් දිගින් දිගටම වසා තැබීම නිසා, අද (03) දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පහත සඳහන් ශ්‍රීලංකන් ගුවන් ගමන් අවලංගු කර ඇත.

    ගුවන් යානා අංකය සහ  ගමන් මාර්ගය
    UL 225 කොළඹ – ඩුබායි
    UL 226 ඩුබායි – කොළඹ
    UL 231 කොළඹ – ඩුබායි
    UL 232 ඩුබායි – කොළඹ
    UL 229 කොළඹ – කුවේට්
    UL 230 කුවේට් – කොළඹ
    UL 217 කොළඹ – දෝහා
    UL 218 දෝහා – කොළඹ
    UL 253 කොළඹ – දම්මාම්
    UL 254 දම්මාම් – කොළඹ
    UL 265 කොළඹ – රියාද්
    UL 266 රියාද් – කොළඹ

     

    මගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම අවලංගු කිරීම් සම්බන්ධයෙන් මගීන් දක්වන ඉවසීම සහ අවබෝධය අවංකවම අගය කර සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

    වැඩි විස්තර සඳහා කරුණාකර සම්බන්ධ වන්න: 1979 (ශ්‍රී ලංකාව තුළ); +94 11 777 1979 (ජාත්‍යන්තර); WhatsApp +94 74 444 1979 (පණිවිඩ සඳහා පමණි); ඔබේ සංචාරක නියෝජිතයා හෝ www.srilankan.com වෙත පිවිසෙන්න.