අද කොටස් පොළේ රැළි පෙරළි මෙහෙමයි

    May, 27, 2014

    අද කොළඹ කොටස් වෙළඳ පොළේ මිල දර්ශක දෙකම පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 25.58 කින් පහළ ගොස් ඒකක 6,267.44 ක් වෙද්දී එස් ඇන්ඩ් පී 20 දර්ශකය ඒකක 15.64 කින් පහළ ගොස් ඒකක 3,447.25 ක් විය. ශ්‍රී ලංකා ටෙලිකොම් කොටසක් සියයට 5.7 කින් පහළ ගොස් රුපියල් 46.00 ක්ද, බුකිට් ඩාරා කොටසක් සියයට 2.2 කින් පහළ ගොස් රුපියල් 636.00 ක්ද, ජෝන් කීල්ස් කොටසක් සියයට 0.9 කින් පහළ ගොස් රුපියල් 232.00 ක්ද වී ඇත.

    දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.4 කි. අද එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ කොටස් මිලියන 28.7 ක් කොටසක් රුපියල් 20.50 බැගින්ද මල්ටි ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 19 ක් එකක් රුපියල් 16.60 බැගින්ද ගිවිසගත් ගනුදෙනු ලෙස හුවමාරු විය. මීට අමතරව, ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 50 ක් කොටසක් රුපියල් 1.90 ක් බැගින් හුවමාරු වූයේද ගිවිසගත් ගනුදෙනුවක් ලෙසයි. දිනයේ වෙළඳ පොළ පිරිවැටුමින් සියයට 72 ක්ම ගිවිසගත් කොටස් ගනුදෙනු නියෝජනය කළ අතර රුපියල් මිලියන 589 කින් වැඩිම දායකත්වයක් පිරිවැටුමට ලබාදී තිබෙන්නේ එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම විසිනුයි.

    අද ලාෆ්ස් ගෑස් ඡන්ද සහිත සහ ඡන්ද රහිත කොටස් විශාල වශයෙන් ගනුදෙනු විය.

    විදේශීය ආයෝජකයින් අද වැඩි වශයෙන් කොටස් මිලදීගත් අතර විදේශිකයින් කළ ශුද්ධ කොටස් මිලදී ගැනීමේ වටිනාකම රුපියල් මිලියන 36 කි. අද විදේශීය සහභාගීත්වය සියයට 03 ක් වෙද්දී කොමර්ෂල් බැංකුවේ රුපියල් මිලියන 18.5 ක කොටස්, ලාෆ්ස් ගෑස් සමාගමේ රුපියල් මිලියන 8.1 ක ඡන්ද රහිත කොටස්, කොමර්ෂල් බැංකුවේ රුපියල් මිලියන 5.8 ක ඡන්ද රහිත කොටස් විදේශීය ආයෝජකයින් විසින් මිලදීගෙන ඇත.

    මේ අතර, රේණුක ඇග්රි ෆුඩ්ස් සමාගමේ රුපියල් මිලියන 8.1 ක කොටස් විදේශිකයින් විසින් විකුණා තිබේ.