October, 30, 2024
අද (30) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 7 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.
මෙය 2024 වසරේ පෙබරවාරි 07 වන දිනෙන් පසු වාර්තා වූ ඉහළම දෛනික පිරිවැටුම් අගය වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ඒකක 24.98 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 12,770.58 ක් ලෙසින් වාර්තා විය.
මේ අතර අද දින S&P SL20 දර්ශකය ඒකක 8.59 ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 3,864.32 ක් දක්වා ඉහළ යන ලදී.