අද කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

    March, 27, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (27) ගනුදෙනු අවසානයේ දී වාර්තා විය.

    ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 44.21කින් පහළ ගොස් ඒකක 21,375.73ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 35.53කින් පහළ ගොස් ඒකක 5,999.99ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා විය.

    අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 2.67ක් ලෙසයි.