අද දිනයේ සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට තීරණයක්

    January, 7, 2026

    අද (07) පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට පෙර සිදුකෙරුණු සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ අනුමැතිය ඇතිව මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.

    අද දින ගනුදෙනු ආරම්භයේ දීම පෙරවරු 9.30ට Wealthtrust Securities Limited සමාගමේ කොටස් මිලියන 6.32 ක් එක් කොටසක් රු. 25,000 බැගින් ගනුදෙනු වී තිබුණි. මූලික මහජන කොටස් නිකුතුවේ දී රු. 7.00 බැගින් නිකුත් කෙරුණු කොටසක් මෙලෙස අක්‍රමවත් ලෙස ගනුදෙනු වීම හේතුවෙන් පෙරවරු 9.53ට පමණ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අතිහිටුවන් ලැබිණි.

    කෙසේවෙතත් ඉන් අනතුරුව දිනය තුළ ගනුදෙනු නැවත ආරම්භ කිරීමක් සිදුනොවුණු අතර කොළඹ කොටස් වෙළෙඳපොළ පවසා සිටියේ. අද දින වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවිමට පෙර සිදුකරන ලද සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමෙන් පසුව පමණක් ගනුදෙනු නැවත ආරම්භ කෙරෙනු ඇති බවයි.