අද පෙරවරුවේ කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

    March, 26, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද පෙරවරුවේ දී නිරීක්ෂණය විය.

    එහිදී ගනුදෙනු ආරම්භ වී මුල් පැය දෙක තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 374.96කින් සහ S&P SL20 දර්ශක අගය ඒකක 83.59කින් පහළ ගොස් තිබුණි.

    ඒ වන විට වාර්තා වී තිබුණු ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.65 කි.

    ඊයේ (25) දිනයේ දී ඒකක 797.62ක් සහ පෙරේදා (24) දිනයේ දී ඒකක 706.26ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකයේ දැවැන්ත වර්ධනයන් වාර්තා වී තිබිණ.