අද බැඳුම්කර වෙන්දේසියෙන් බිලියන 55 ක් අනුමතයි

    January, 9, 2017

    රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 54,967 ක ලංසු අනුමත වී තිබේ.

    රුපියල් මිලියන 55,000 ක බැඳුම්කර අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර එහිදී 2019, 2021, 2024 හා 2026 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් පිළිවෙලින් රුපියල් මිලියන 6000, 16000, 16000 හා 17000 බැගින් වන බැඳුම්කර නිකුත් කිරීමට නියමිතව තිබිණි.

    කෙසේ වෙතත් මේ සඳහා පිළිවෙලින් රුපියල් මිලියන 29200, 38960, 49133 හා 56828 බැගින් ලංසු ලැබී තිබුණු අතර එක් එක් පරිණත කාණ්ඩය යටතේ රුපියල් මිලියන 5800, 14835, 16356 හා 17976 ක් ලෙසින් ලංසු අනුමත කර තිබේ.

    මේ අතර මහ බැංකු අධිපතිවරයා නොබෝදා කියා සිටියේ මහ බැංකුව විසින් ඉදිරිපත් කරනු ලබන බැඳුම්කර ප්‍රමාණය ඉක්මවා ලංසු අනුමත කිරීම මේ වන විට අත්හිටුවා ඇති බවයි. මේ අනුව ඉදිරිපත් කරනු ලැබූ ප්‍රමාණයට නොඉක්මවන ලෙසින් රුපියල් මිලියන 54,967 ක ලංසු මෙම බැඳුම්කර නිකුතුවේ දී අනුමත කර ඇත.

    පහත දැක්වෙන්නේ අද පැවති වෙන්දේසිය පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.