April, 9, 2025
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (09) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ලංසු පිළිගැනීමේ සාර්ථකත්වය 5%ක මට්ටමටත් වඩා පහළ බැස ඇති බව වාර්තා වේ.
කල්පිරීමේ කාණ්ඩ 3ක් යටතේ පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 80,000ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 139,309ක ලංසු ලැබී තිබිණ.
කෙසේවෙතත් ලංසු භාර අරගෙන තිබුණේ රු. මිලියන 3,751කට අදාළව පමණි.
පොලී අනුපාත පසුගිය සතියේ තිබුණු මට්ටමේ ම නොවෙනස්ව ඇත.
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ බිලපත් ප්‍රමාණය හා සැසඳීමේ දී ලංසු පිළිගත් බිල්පත් ප්‍රමාණය අනුව මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සාර්ථකත්වය 4.68% කි.
මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.
Video Story