October, 8, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ UNISYST ENGINEERING PLC සමාගමේ කොටස්, අද (08) දින සිට නිල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළෙ ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන මෙහෙයුම් නිලධාරී රේනුක විජයවර්ධන විසින් දැනුම් දී සිටී.
හේලීස් සමූහයට අයත් සමාගමක් වූ මෙය ඇලුමිනියම් හා ඒ ආශ්රිත දෑ නිෂ්පාදනයේ යෙදුණු සමාගමකි.
2023 ජූලි 19 දින සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් UNISYST ENGINEERING PLC කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමේ තීරණය ගෙන තිබූ අතර එහිදී සමාගමේ විශාලතම කොටස් හිමියා වූ හේලීස් සමූහයේම තවත් අනුබද්ධිත සමාගමක් වන ADVANTIS PROJECTS & ENGINEERING (PVT) LTD විසින් සෙසු කොටස් හිමියන්ගේ කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීමේ අර්පණයකට එකඟතාව පළ කර තිබුණි.
ඒ වන විට UNISYST ENGINEERING PLC හි 65.14% ක කොටස් හිමිකාරීත්වයක් ADVANTIS PROJECTS & ENGINEERING (PVT) LTD සතුව පැවති අතර සෙසු කොටස් නැවත මිල දී ගැනීමෙන් අනතුරුව 2024 ජූනි 30 වන විට එම ප්රමාණය 94.26% ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

