December, 3, 2015
සුඛෝපභෝගී ආගන්තුක සත්කාරකත්ව ක්ෂේත්රයේ ඉදිරියෙන් සිටින ලොව ප්රමුඛ පෙළේ සන්නම් නාමයක් වන —‘අනන්තාරා‘ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම උදෙසා අත්වැල් බැඳගත් හේමාස් හෝල්ඩින්ග්ස් සහ මයිනර් හෝටල් සමූහය (Minor Hotels Group) මෙරට පළමු අනන්තාරා නිකේතනය වන අනන්තාරා පීස් හේවන් තංගල්ල නිකේතනය (Anantara Peace Haven Tangalle Resort) තංගල්ලේදී විවෘත වන බව අභිමානයෙන් නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ අතිශය නිසංසල ස්ථානයක පිහිටි අනන්තාරා පීස් හේවන් නිකේතනය ඊට ආවේණික හුදකලාවේ සුවිශේෂී අපූර්වත්වය විඳගැනීමට 2015 දෙසැම්බර් 01 වන දින සිට පැමිණෙන ලෙස සිය පළමු අමුත්තන් පිරිසට ආරාධනා කර සිටී.
සුන්දර තංගල්ල බොක්කට මුහුණලා පිහිටි අක්කර 21 ක වපසරියකින් යුත් පොල් වත්තක ඉදි කෙරුණු මෙම නිවාඩු නිකේතනය කාමර 120 න් හා පෞද්ගලික පිහිනුම් තටාක සහිතව වෙන්වෙන්ව පිහිටි නිවස්න 32 න් සමන්විත වන අතර සුවිශේෂී අනන්තාරා ස්පා සේවාව, මට්ටම් දෙකක ඉදිවූ පිහිනුම් තටාකය, සියලු උපකරණ වලින් පරිපූර්ණ කායවර්ධන මධ්‍යස්ථානය හා ළදරුවන් මෙන්ම නවයොවුන් වියේ පසුවෙන්නන්ට ඉදිකල ළමා සමාජ පරිශ්‍රය එහි අනෙකුත් පහසුකම් අතර වෙයි. මෙම නිකේතනයේ අපූර්වත්වය ඊට ළඟාවීමේ පහසුව සමග මනාව සංකලනය වෙයි. සිනමන් එයාර් (Cinnamon Air) දිනපතා මිනිත්තු 40 කින් ලඟාවියහැකි ගුවන් ගමන් වාර සංවිධානය කරයි. නැතිනම් නිකේතනය සතු සුඛෝපභෝගී ප්‍රවාහන සේවය භාවිත කොට ආසන්න වශයෙන් පැය 03 ක ගමනකින් පසු මෙම ස්ථානයට ළඟා විය හැකිය.
සාගරයේ සුන්දරත්වය විඳිමින් ආහාර පාන ලබාගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් සුසැදි විවිධ ආකාරයේ අවන්හල් නිකේතනයේ නවාතැන් ගෙන සිටින පිරිසට ප්‍රණීත ආහාර පාන වර්ග රැසකින් සංග්‍රහ කිරීම සඳහා සැදී පැහැදී සිටී. දවස පුරා ජාත්‍යන්තර තලයේ රස මුසු අත්දැකීමක් ලබාදෙන ජර්නීස් (Journey’s) අවන්හල ලොව හොඳම ආහාර පාන වර්ග මෙන්ම ශී‍්‍ර ලාංකික, මැද පෙරදිග හා ආසියානු ආහාර පාන වර්ග පිළිගන්වයි. “වෙරල“ අවන්හලේදී ලබාගන්නා දහවල් හා රාත්‍රී ආහාරයේදී ශ්‍රී ලාංකික ඌරුවට සැකසූ ‘ටෙප්පන්යකි‘ ආහාර ඔබගේ රස නහර පිනවයි. එසේම ඉතාලි වෙරළ ආශ්‍රිතව සැකසෙන ආහාර පාන වර්ග රස විඳින්නට “ඉල් මරේ“ හිදී ඔබට අවස්ථාව හිමි වෙයි. ඔබට මැද පෙරදිග ජනතාවගේ රසබර හා සජීවී ජීවගුණය මුසුවූ ආහාර හා වයින් වර්ග රස බැලීමට අවශ්‍ය නම් “එල් විනෝ“ හිදී ඒ මන දොළ සපුරාගත හැකිය. පිහිනුම් තටාකය සමීපයේ පිහිටි බීමහලේ දී විඩාව සන්සිදුවන සිසිල් පාන වර්ග, කෙටි ආහාර වර්ග හා කොක්ටේල් පාන වර්ග ලබා ගත හැකි අතර ආලින්දයේ හිඳ විවේකී කතා බහක යෙදෙමින් ශ්‍රී ලාංකික ක්‍රමයට එහි පිළිගැන්වෙන හයි ටී රස විඳීමට අවස්ථාව ඇත.
අනන්තාරා ස්පා සේවය ඉපැරණි ප්‍රතිකාර ක්‍රම සමගින් මනස, ශරීරය හා ආත්මය අතර වන සම්බන්ධතාවය නංවාලමින් පරිපූර්ණ වූ මානසික හා ශාරීරික සෞඛ්‍යයකට මග පාදයි. ප්‍රතිකාර කිරීම සඳහා වන ද්විත්ව ප්‍රතිකාර සේවා කාමර (double treatment suites) 4 ක්, තනි ප්‍රතිකාර කාමර (single treatment suites) 4 ක්, රූපලාවන්‍යාගාරයක් (beauty salon), මුහුණට ප්‍රතිකාර කිරීම සඳහා වන කාමරයක් (facial room), චිකිත්සක කාමර (reflexology rooms) මෙන්ම විවේක ගැනීම පිණිස සකසන ලද නිස්කලංක ප්‍රදේශයක් (relaxation areas) වශයෙන් එය සකස් කර ඇත.
බූන්දල හා උඩවලව ජාතික වනෝද්‍යාන හා රැකව කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය ඇතුලු ශ්‍රී ලංකාවේ දකුණු ලක පිහිටි සංචාරකයන් ආකර්ශනය කරන සියලු ස්ථාන කරා මෙම නිකේතනයේ සිට ඉතා පහසුවෙන් ළඟා විය හැකි හෙයින් එය ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාට නවාතැන් ගැනීම සඳහා සුදුසුම ස්ථානය වෙයි.
සී එන් එන් (CNN) නාලිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ “11 hotels opening in 2015 We Can't Wait To Check Into” (“යාමට නොඉවසිල්ලෙන් බලා සිටින 2015 දී විවෘත වන හෝටල් 11˜) නම්වූ ලැයිස්තුවට මෙම නිකේතනයද ඇතුළත් කිරීම හේතුවෙන් අනාන්තාරා පීස් හේවන් නිකේතනය දැනටමත් ලොව වටා සංචාරකයන්ගේ ආකර්ෂණය හා අවධානය දිනා ගෙන තිබේ. සී එන් එන් නාලිකාව විකාශය කරන ‘‘CNN’s Quest’s Passport to 2015’’ වැඩසටහනේ එක් අංගයක් ලෙස ඉදිරිපත් කෙරෙන වන එම ලැයිස්තුව වසර තුලදී වැඩිම ඉල්ලුමක් තිඛෙන නෞකා, ස්ථාන හා විවිධ වැඩසටහන් පිළිබඳව මග පෙන්වීමක් ලබාදෙයි.
අනන්තාරා පීස් හේවන් නිකේතනය හේමාස් හෝල්ඩින්ග්ස් සහ මයිනර් හෝටල් සමූහයේ සාමූහික ව්‍යාපාරික ප්රයත්නයකි. මෙරට දෙවන අනන්තාරා නිකේතනය අනන්තාරා කලුතර රිසෝට් නමින් 2016 මාර්තු මස කළුතරදී විවෘත වීමට නියමිතය. හේමාස් හෝල්ඩින්ග්ස් හි විවේකී සුවතා ක්ෂේත්රය සම්බන්ධයෙන් ක්‍රියා කරන සෙරෙන්ඩිබ් ලෙෂර් මැනේජ්මන්ට් ආයතනය (Serendib Leisure Management Ltd) හොටෙල් සීගිරිය සහ ක්ලබ් හොටෙල් ඩොල්ෆින්, ජාත්‍යන්තර සන්නම් නාමයක් සහිත අවානි ඛෙන්තොට රිසෝට් ඇන්ඩ් ස්පා සහ අවානි කළුතර රිසෝට් යන හෝටල් වල කළමනාකරණය සිදු කරයි.
Video Story