අනවසරයෙන් තැන්පතු රැස් කළ ‘රුවල‘ ගැන මහ බැංකුවෙන් තීරණයක්

    November, 19, 2025

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025.09.11 දින අංක 03, අලුත්දිවුල්වැව, ව්‍යාපාරය, ගැටලාව, ගලෙන්බිඳුණුවැව යන ස්ථානයේ ලියාපදිංචි, රුවල ඉන්වෙස්ට්මන්ට් (පීවීටී) එල්ටීඩී (PV 00221764) යන සමාගම විසින් උක්ත පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් 2020 වසරේ සිට 2022 වසර දක්වා කාලසීමාව තුළ මුදල් ව්‍යාපාරයන්හි නිරතවූ බවට සහ තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව මුදල් ව්‍යාපාර පනතෙහි 42 (10) වන වගන්තිය යටතේ මහජන සුභසිද්ධිය පිණිස මහජනයා වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.

    ඒ අනුව, රුවල ඉන්වෙස්ට්මන්ට් (පීවීටී) එල්ටීඩී සමාගමට;
    (i) කිසිදු ආකාරයකින්, මහජනතාවගෙන් තැන්පතු භාර නොගන්නා ලෙස; සහ
    (ii) එම සමාගමේ පවතින සියලු තැන්පතු වගකීම් පියවීමට පියවර ගත යුතු බවට
    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තවදුරටත් විධාන කර ඇත.