December, 21, 2016
ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ ආනයනය කිරීම සඳහා රජය වාර්ෂිකව වැය කරනු ලබන විදේශ විනිමය, යම් ප්‍රමාණයකට ඉතිරි කරගැනීමටත්, රටේ සියලුම රෝහල්වලට අවශ්‍ය අන්තඃශෛරික ඖෂධ නිෂ්පාදන නැවුම්ව හා උසස් තත්ත්වයෙන් ඉතා කෙටි කලක් තුළ හා අඛණ්ඩව සැපයීමටත් හැකි වන පරිදි අන්තඃශෛරික ද්‍රාවණ නිෂ්පාදනාගාරයක් මෙරට පිහිටුවීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
එම නිෂ්පාදනාගාරය පිහිටුවීමේ ව්‍යාපෘතිය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story