November, 4, 2016
පාරිභෝගික අවශ්‍යතා මත වේගවත් ඩිජිටල් මුද්‍රණයේ ප‍්‍රමුඛයෙකු වන ප‍්‍රින්ට් පොයින්ට් (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම විසින් ඉතාමත් ආකර්ශනීය නව අන්තර්ජාල මුද්‍රණ ඇනවුම් මූලාශ‍්‍රයක් පසුගියදා ශ‍්‍රී ලංකාවේදී එළි දක්වන ලදී.
www.anythinginprinting.com නමින් වන මෙම නව Web2Print වෙබ් අඩවියට පිවිසීම මගින් පාරිභෝගිකයින්ට විසිටින්ග් කාඞ්පතක සිට අඩි 10 ක විශාල ප‍්‍රමාණයේ බැනරයක් දක්වා නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන අතර ඒ සඳහා මෙම වෙබ් අඩවියේ තිබෙන ටෙම්ප්ලේට් භාවිතා කළ හැකිය. මේ අනුව, මෙම වෙබ් අඩවිය තුළින් නිවසේ හෝ කාර්යයාලයේ සිට තමන්ට කැමති පරිදි, මුද්‍රණ කටයුතු සඳහා යන ගාස්තුව ගණනය කර ගනිමින් සහ වෙබ් අඩවිය තුළින් ගාස්තු ගෙවමින් අදාළ ඇනවුම් ඉතාමත් පහසුවෙන් භාරදිය හැකිවේ.
මේ ආකාරයෙන් ඇනවුම් ලබාදුන් පසුව නිම කරන ලද මුද්‍රිත භාණ්ඩ කොළඹ 02 යුනියන් පෙදෙසේ පිහිටි ප‍්‍රින්ට් පොයින්ට් කාර්යයාලයට පැමිණ ලබාගත හැකි අතර පාරිභෝගිකයා සිටින ස්ථානයටම පැමිණ භාරදෙන සේවාවක්ද මෙම සමාගම විසින් ක‍්‍රියාත්මක කරයි. ග‍්‍රැෆික් නිර්මාණකරුවෙකුගෙන් නිර්මාණයක් කර පසුව එය මුද්‍රණය කිරීමට යෑම සමග සැසඳීමේදී මෙම නව ක‍්‍රියාවලිය හේතුවෙන් මුද්‍රණ ක‍්‍රියාවලියේ වේගය 70% කින් පමණ වැඩිවන බව සමාගම පවසයි.
කිසිදු අඩු පාඩුවකින් තොරව වෙබ් අඩවිය ස්මාර්ට් ජංගම දුරකතන තුළින්ද භාවිතා කළ හැකි බව සමාගම අවධාරනය කරයි.
‘‘පුද්ගලයින්ට සහ ආයතන වලට ඉතාමත් ඉක්මනින් අවශ්‍ය වන කුඩා මුද්‍රණ කටයුතු කරගැනීම සඳහා මෙම පහසුකම ඉතාමත් යෝග්‍ය වෙන්නේ එමගින් වේලාව සහ මුදල් ඉතිරි කරන අතරම ඉතාමත් පහසුවීම නිසයිල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ප‍්‍රින්ට් පොයින්ට් සහ Anythinginprinting.com අයත් වන පැපිරස් කෝපරේෂන් සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරී, අෂාන් අබේසුන්දර මහතා සඳහන් කළේය. ‘‘මෙය නැවත නැවතත් මුද්‍රණ කටයුතු කිරීමේදී ඉතාමත් ප‍්‍රයෝජනවත් වෙනවා. මන්දයත්, මෙම පද්ධතිය මගින් මෙම නිර්මාණ පසුව ප‍්‍රයෝජනයට ගැනීම සඳහා සුරක්ෂිතව ගබඩාකර තබා ගන්නා නිසයි.’’
ඔහු සඳහන් කරන්නේ මෙම වෙබ් අඩවිය මගින් යුනියන් පෙදෙසේ පිහිටි ප‍්‍රින්ට් පොයින්ට් හි, නව ඩිජිටල් මුද්‍රණ කාර්යාලය මගින් ලබාදෙන ඉතාමත් පුළුල්ව විහිදුණු මුද්‍රණ පහසුකම් මාලාවක් ලබාගත හැකි බවයි. මෙම ප‍්‍රින්ට් පොයින්ට් මධ්‍යස්ථානය මගින් ගනුදෙනුකරුවන්ට බිස්නස් කාඞ්, ලෙටර් හෙඞ්, බ්‍රෝචර්ස්, ෆ්ලයර්ස් සහ ලීෆ්ලට්, සහතික පත්, පොත්, ප්ලාස්ටික් හැඳුනුම් පත්, ආරාධනා පත්, වැඩසටහන් හැඳුනුම් පත්, පෝස්ටර්, ලියුම් කවර, ඩෙක්ස්ටොප් දින දර්ශන, මෙනු වර්ග, ටිකට් පොත්, ප්‍රොමෝෂනල් ස්ටෑන්ඞ්, පෙනන්ට්, බැනර්, ඞ ස්ටෑන්ඞ් සහ පුල් අප් ස්ටෑන්ඞ්, අවුට් ඩෝ ස්ටිකර්, ලයිට් බොක්ස්, හෝර්ඩින්ග්ස්, මංගල ආරාධනා පත්, ආර්ටිස්ටික් කැන්වස්, පිඟන් භාණ්ඩ මුද්‍රණය සහ රාමුකළ කැන්වස් මෙන්ම පොත් බැඳීමේ සේවා ලබාගත හැකිය.
‘‘මෙරට වේගවත් මුද්‍රණ කර්මාන්තයේ අනාගතය මෙම web2print ක‍්‍රියාවලිය බව අප විශ්වාස කරනවා. මේ බව, ලෝකයේ බොහෝ තැන් වලදී ඔප්පු වී තිබෙනවාල’’ යනුවෙන් අබේසුන්දර මහතා සඳහන් කළේය. ‘‘දිනපතා මිනිසුන් කාර්ය බහුල වෙමින් තිබෙනවා. කොළඹ තිබෙන රථ වාහන තදබදයෙන් මිදී මෙම වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයින්ට තම මුද්‍රණ කටයුතු පහසු කරගත හැකියි.’’
ප‍්‍රින්ට් පොයින්ට් ප‍්‍රයිවට් ලිමිටඞ් පැපිරස් කෝපරේෂන් සමාගමට පූර්ණ අනුබද්ධ සමාගමක් වේ. පැපිරස් කෝපරේෂන් සමාගමට ඩිජිටල් ඡුායාරූප පොත් නිෂ්පාදනයේ මෙරට ප‍්‍රමුඛයා මෙන්ම එම අංශයේ ප‍්‍රමුඛ වෙළඳපොළ කොටස හිමි JAMPhoto සමාගම සහ මෙරට විශේෂ කඩදාසි වෙළඳපොළෙන් 70%ක් පමණ හිමිකරගෙන සිටින පැපිරස් පේපර්ස් සමාගම අයත් වේ. මෙම සමූහයේ දේපොළ කළමනාකරණ සමාගම වන්නේ අෂලින් ඉන්වෙස්ට්මන්ට්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගමයි.
Video Story