අන්තර්ජාල අධ්‍යයන පැකේජ තුළින් www.guru.lk වෙබ් අඩවිය බැංකු විභාගවල ඉහළ සමත් ප්‍රතිශතය වාර්තා කරයි

    February, 2, 2016

    අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවිය වන www.guru.lk විසින් බැංකු විභාග වෙනුවෙන් සූදානම්වීම සඳහා හඳුන්වා දුන් අන්තර්ජාල අධ්‍යන පැකේජ භාවිතා කළ සාමාජිකයින් ඉහළ ප්‍රතිශතයක් සමත්වී ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කරයි.

    මෙම අධ්‍යන පැකේජ භාවිතා කළ සාමාජිකයින්ගෙන් සුවිශේෂී ප්‍රමාණයක් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL) විසින් 2015 සැප්තැම්බර් මාසයේදී පැවැත්වූ Intermediate in Applied Banking & Finance (IABF විභාගයෙන් සමත්වී ඇතැයි එම වෙබ් අඩවිය සඳහන් කරයි.

    ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ විභාග සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් ලැබූ අන්තර්ජාල අධ්‍යන මධ්‍යස්ථානය www.guru.lk වෙබ් අඩවියයි.

    වෙබ් අඩවියේ අධ්‍යන පැකේජ භාවිතා කළ සිසුන්ගේ ජයග්‍රහණය සමරමින් 2016 මාර්තු මාසයේදී පැවැත්වෙන Diploma in Applied Banking & Finance (DABF) විභාගය සඳහා සූදානම් වන සිසුන් වෙනුවෙන් ලබාදෙන අන්තර්ජාල අධ්‍යන පැකේජ සඳහා විශේෂ වට්ටමක් ලබාදීමට වෙබ් අඩවිය විසින් තීරණය කර තිබේ.

    මෙම අධ්‍යන පැකේජ භාවිතා කරමින් ඉහළින්ම සමත්වූ සිසුන් කිහිප දෙනකුම තමන්ගේ ප්‍රීතිමත් අදහස් ලිඛිතව දැන්වීම හෝ www.guru.lk වෙබ් අඩවියේ සටහන් කිරීමට උනන්දු වී ඇතැයි වෙබ් අඩවිය පවසයි. මෙම අදහස් දැක්වීමේදී ඔවුන් සඳහන් කර තිඛෙන්නේ වෙළඳ පොළේ තිඛෙන අනිකුත් විකල්ප සමග සැසඳීමේදී මෙම අන්තර්ජාල අධ්‍යන පැකේජවල මිල සාධාරණ බවයි. මීට අමතරව, මෙම අධ්‍යන පැකේජ ප්‍රශ්න සහ පිළිතුරු වලින් මෙන්ම සම්මත විෂය නිර්දේශයට එහා ගිය කරුණු වලින් පරිපූර්ණ වී ඇතැයි ඔවුන් පවසා තිබේ.

    මෙම විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත් සිසුන්ට උපහාර පිදීමේ අවස්ථාවට එක්වෙමින් www.guru.lk වෙබ් අඩවිය හිමි හෙඩ්ස්ටාර්ට් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී හසිත දෑල මහතා මෙසේ අදහස් දැක්වීය. “සාමාන්‍ය පන්ති කාමර පරිසරයේ කෙරෙන ඉගැන්වීම් වලට හොඳ විකල්පයක් ලබාදීම පිළිබඳව අපි විශ්වාස කරනවා. ඇත්තටම බැංකු සේවකයෙකුට කාර්ය බහුලත්වය නිසා විභාග සඳහා සූදානම් වීමට තිඛෙන්නේ ඉතාමත් අඩු කාලයක්. අනිත් අතට බොහෝ දෙනෙකු සේවය කරන්නේ පන්ති යෑමට අපහසු පිට පළාත් වලයි. අපි විසින් ළඟාකර ගත් ඉහළ සමත් ප්‍රතිශතය මගින් කියා පාන්නේ බැංකු විභාග සඳහා සූදානම් වන ඕනෑම සිසුවෙකුට අන්තර්ජාල අධ්‍යාපනය කදිම තෝරා ගැනීමක් බවයි“.

    www.guru.lk විසින් IABF සහ DABF විභාග වෙනුවෙන් සිංහල මාධ්‍යයෙන් මේ වනවිට අන්තර්ජාල අධ්‍යන පැකේජ එළිදක්වා ඇත. මීට අමතරව, ඉතාමත් වැදගත් මාතෘකා ප්‍රශ්න සහ පිළිතුරු ආකාරයෙන් සාකච්ඡා කෙරෙන වෙබ් සම්මන්ත්‍රණ පැකේජයද සිසුන්ට වෙබ් අඩවිය ඔස්සේ තෝරාගත හැකිය. www.guru.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්නන්ගේ අනන්‍යතාවය පිරික්සීමෙන් පසුව ඔවුන්ට ඒ තුළට පිවිසීමේ අවස්ථාව ලබාදෙන අතර ශ්‍රී ලංකා බැංකු විභාග සඳහා ලෝක තත්ත්වයේ තාක්ෂණය ඉදිරිපත් කිරීම www.guru.lk වෙබ් අඩවිය විසින් මෙරටට හඳුන්වා දුන් තවත් පළමු පියවරකි.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන වෙබ් අඩවිය වන www.guru.lkවිසින් අන්තර්ජාල අධ්‍යාපන පාඨමාලාවන් 100 කට වැඩි ප්‍රමාණයක් ලබාදෙන අතර ඒවා පාසැල් විෂය මාලාවේ සිට වෘත්තීය අධ්‍යාපනය දක්වාත්, තොරතුරු තාක්ෂණික, රූපලාවන්‍ය සහ ආහාරපාන සැකසීම, ගායනය යන දක්වාත් පුළුල් පරාසයක විහිදේ. පුද්ගලික පරිගණකයක්, ටැබ්ලට් පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් තුළින් මෙම සියළුම පාඨමාලා සඳහා ප්‍රවේශවීමේ අවස්ථාව භාවිතා කරන්නන්ට හිමිවේ.

    මෙම වෙබ් අඩවිය අයත්වන හෙඩ්ස්ටාර්ට් ප්‍රයිවට් ලිමිටඩ් විසින් විදුලි සංදේශ සමාගම්, පුද්ගලික අංශය සහ පාසැල්වල තොරතුරු තාක්ෂණික විද්‍යාගාර සඳහා නොමිලේ දැනුම ලබාදෙන ‘ගුරු‘ පාසැල් වැඩසටහන ඇතුළු රජයේ වැඩසටහන් බොහෝ අන්තර්ජාල ඊ-අධ්‍යාපන වැඩසටහන් සඳහා සවිබලය ලබාදෙයි.