අන්තර්ජාල සුරක්ෂිතතාව ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්

    September, 10, 2017

    අන්තර්ජාල සුරක්ෂිතතාව පිළිබඳව දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කිරිමේ  වැඩසටහන් මාලාවක්  පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර තිබේ.
    එහි ප්‍රථම වැඩසටහන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභපතිනි මරිනිද ලිවේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට ( 11) ගාල්ල හොල් ඩී ගොල් ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
    සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුවන අපයෝජන, අසභ්‍ය  වෙබ් අඩිවි පිළිබඳව දැනුවත් කිරීම සහ එහි නීතිමය පාර්ශවයන් පිළිබඳව  මෙහි දී දැනුවත් කරන අතර පසුව ප්‍රාදේශීය මට්ටමින්  ද දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    මෙම වැඩසටහන සඳහා, ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ළමා ආරක්ෂක නිලධාරීන් සහ සියලු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහභාගි වීමට නියමිතය.
    මේ සඳහා සයිබර් ආරක්ෂණය සඳහා ජාතික මධ්‍යස්ථානය (CERT) සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය මේ සඳහා සම්පත් දායකත්වය  ලබා දෙයි.