May, 5, 2016
2016 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට අනුග්‍රාහකත්වය සැපයීම සඳහා WebXpay ඉදිරිපත් වී සිටී. WebXpay යනු කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන විද්‍යුත් වාණිජ සබලකරණ (E-commerce enabler) සේවාවකි. මෙසේ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩකයන්ට සවියක් වන අතරම ඔවුන්ට ක්‍රීඩා ලෝකයෙන් ඔබ්බට ගිය අවස්ථාවන් රැසක් උදාකර දීම WebXpay හි ඉලක්කය වී ඇත.
විවිධ වර්ගයේ සේවාවන් රැසක් එක්තැන් කරමින් සහනදායී මාසික ගාස්තු යටතේ ඉහළ තලයේ විද්‍යුත් වාණිජ විසඳුම් ලබා දීමට WebXpay කටයුතු කරයි. අලූතින් ආරම්භ වූ ව්‍යාපාරයක් වන එය ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ්පත් මගින් මෙන්ම ජංගම දුරකථන පදනම් කරගත් ඕනෑම ආකාරයක ගෙවීම් පද්ධති හරහා ගෙවීම් භාරගැනීමට අවශ්‍ය සුරක්ෂිත සහ කැමති ලෙසකට වෙනස් කරගත හැකි විද්‍යුත් වාණිජ පදනම් ලබාදීම විශේෂත්වයකි.
පසුගිය වසරේ අන්තර් පාසල් රග්බි තරගාවලියේදී පිළිමලූන් පිටුදැකීමේ ශූරයන් වූ විද්‍යා විද්‍යාලය මේ වසරේදීද සාර්ථක ලෙස තරගාවලියට පිවිසී සිටී. දැඩි පුහුණුව, අධිෂ්ඨානය, සහ ජයග්‍රාහී ආකල්ප යනාදී සාධක මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත.
“වර්තමානය වනවිට තරුණ ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් සාර්ථක හා ස්ථාවර ව්‍යාපාරික ආකෘති ගොඩනැංවීම සඳහා උත්සාහ කරමින් සිටිනවා. මෙතැනදී WebXpay සිදුකරන්නේ ඔවුන්ට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර තලයේ පදනමක් ලබා දීමයි. ඒ මගින් ඔවුන්ට බොහෝ බාධාවන් ජයගනිමින් තමන්ගේ ව්‍යාපාරික පදනම පුළුල් කිරීමට හැකි වෙනවා.“ WebXpay නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඔමාර් සහිබ් මහතා පැවසීය.
“පාසල් අධ්‍යාපනය නිමා කරන අයට ආදායමක් ඉපයීම සඳහා ප්‍රමාණවත් අවස්ථා තිබිය යුතුයි එය ඔවුන්ට උසස් අධ්‍යාපනය ලැබීමටත් පහසුවක් වෙනවා. විද්‍යා විද්‍යාලයේ සිසුන්ට තමන්ගේ සිහින සැබෑ කරගැනීම සඳහා මෙසේ අත්වැලක් වීමට හැකිවීම අපට විශාල සතුටක්. ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා දායක වීම අපේ අරමුණයි. ඒ අනාගතය රටේ ව්‍යාපාරවලට ඇති බාධා ඉවත් වූ සුභදායී එකක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.“ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අලෙවිසල් හා හෝටල් වැනි ව්‍යාපාර සඳහා මෙන්ම සේවා පදනම් ව්‍යාපාර සඳහාද අවශ්‍ය කරන ආකාරයකට අන්තර්ජාල හා සමාජ මාධ්‍ය වාණිජ කටයුතු සකස් කරගැනීමට WebXpay අවස්ථාව සලසා දෙයි. එමෙන්ම එමගින් විදේශ රටවල සිට කරනු ලබන ගෙවීම්ද භාරගැනීමට හැකිවීම මෙම ව්‍යාපාරවලට විශාල පහසුවක් වනු ඇත.
ඡායාරූපය : ෆයිස් ඉෆ්තිකාර් (විකුණුම් ප්‍රධානී, WebXpay), සජිත් චානුක (සම නිර්මාතෘ/අධ්‍යක්ෂ, WebXpay), සුසන්ත මෙන්ඩිස් (විද්‍යා විද්‍යාලයේ විදුහල්පති), අමිල චතුරංග (පුහුණුකරු), ඉන්ටිකාබ් කාන් (මෙහෙයුම් ප්‍රධානී, WebXpay) යන මහත්වරුන්
Video Story