May, 16, 2025
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හි ආයතනික සමාජ වගකීම් (CSR) අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් (SriLankan Cares), ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ධීවරයින් 100 දෙනෙකු සහ පාසල් දරුවන් 40 දෙනෙකු සමඟ එක්ව මීගමුව කලපුව ආශ්රිත ප්‍රදේශයේ දැනුවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. දකුණු ආසියාවේ පොහොසත්ම කඩොලාන ජෛව පද්ධතිවලින් එකක් වන ශ්‍රී ලංකාවේ වෙරළබඩ වනාන්තර, වෙරළ ආරක්ෂාවට සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල පරිසර දූෂණය ඉහළ යාමත් සමඟ, මෙවැනි වැඩසටහන් සංවිධාන කිරීම ඔස්සේ අනාගත පරපුර පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීම අර්ථවත් පියවරක් විය.
“ශ්‍රීලංකන් කෙයාර්ස් (SriLankan Cares) , අපගේ ප්‍රජාවන්, සංරක්ෂණ සංවිධාන සහ නියාමන ආයතන සමඟ එක්ව පාරිසරික ගැටලු සඳහා විසඳුම් සෙවීම වෙනුවෙන් කැපවීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඇත. සහයෝගීතාව තුළින්, ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමය නිරන්තරයෙන් ආරක්ෂා කිරීමට අපි අපේක්ෂා කරනවා, එය තිරසාරත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවෙන පාරිභෝගික අපේක්ෂාවන් සපුරනු ඇත.” මෙම වැඩසටහනේ වැදගත්කම පැහැදිලි කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලෙවිකරණ ප්‍රධානී සමින්ද පෙරේරා පැවසී ය.
මෙම වැඩසටහනේ අතිශයින් වැදගත් අංගයක් වුයේ එල්ලක්කල ජාතික පාසල, පමුණුගම ගොන්සල්වේස් විද්‍යාලය සහ මීගමුව සාන්ත මරියා මහා විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකුගේ සහභාගීත්වයයි. පරිසරය සුරකින වැඩිහිටියන් අනාගතයේ බිහිකිරීමට ළමුන් දැනුවත් කිරීම සහ ඔවුන්ව මෙවැනි වැඩසටහන් සඳහා එක්කර ගැනීම අත්‍යවශ්‍යය වේ.දරුවන් සමඟ එක්ව, කඩොලාන ආරක්ෂා කිරීමේ වැදගත්කම මෙම වැඩසටහන තුලින් අවධාරණය කළ අතර, ජෛව පද්ධති ආරක්ෂාකිරීම තුලින් සහ සිය ජීවනෝපාය සුරක්ෂිත කිරීමට අවශ්‍ය උපදෙස් සහ දැනුම වැඩසටහන හා එක්වූ ධීවර ප්‍රජාවට ලබාදීමට කටයුතු කළේය.
මෙම වැඩසටහනට වනජීවී දෙපාර්තමේන්තුව සමඟ එක්ව කඩොලාන ජෛව පද්ධති පිළිබඳ මහජන දැනුවත්භාවය සහ අවබෝධය පිළිබඳ පර්යේෂණ අධ්‍යයනයක් ද ඇතුළත් විය. මෙම අධ්‍යයනය මඟින් කඩොලාන පරිසර පද්ධති පිළිබඳ අවබෝධය හා දැනුවත්භාවය විමසා බැලූ අතර, ප්‍රදේශයේ ගෘහ ඒකක 100කට වැඩි ප්‍රමාණයකින් ලබාගත් තොරතුරු රටේ කඩොලාන ජෛව පද්ධති ආරක්ෂා කිරීමට දිගුකාලීන, තිරසර විසඳුම් සකස් කිරීමට යොදාගනු ඇත.
අපගේ ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය මෙවැනි පරිසර සංරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් සෑම විටම සිය දායකත්වය ලබා දෙයි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් උපායමාර්ගික ක්‍රියාමාර්ග සහ පර්යේෂණ සමඟ ප්‍රජා-මූලික උත්සාහයන් තුළින් රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට නිරන්තර සහයෝගය ලබා දීමට ශ්‍රීලංකන් ගුවන් සේවය අපේක්ෂා කරයි.





Video Story