අනිලානා අලුත් කථාවත් අතේ පත්තුවෙයි

    May, 17, 2016

    අනිලානා හෝටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් මේ දිනවල කොටස් වෙළෙඳපොළ වෙත විවිධාකාර කතන්දර සපයන මාතෘකාවක් බවට පත්වී තිබේ.

    මෙහි පළමුවැන්න නම් සති කිහිපයකට පෙර එහි අයිතිය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් අත්පත් කර ගත් බවට මාධ්‍ය වාර්තා පළ වී තිබීමයි. කෙසේ වෙතත් එය එසේ නොවන බව දත්ත වාර්තා සහිතව අද දෙරණ Biz පසුගිය දා අනාවරණය කළේය.

    මෙම පසුබිම තුළ යළිත් වරක් මාධ්‍ය වාර්තා පැතිර ගියේ ධම්මික පෙරේරා මහතා සම සභාපතිත්වය දරණ හේලීස් සමූහය විසින් අනිලානා මිලදී ගැනීමට පිඹුරුපත් සකසන බවයි.

    එහෙත් මේ සම්බන්ධයෙන් හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළඳපොළ වෙත දන්වා සිටියේ තම සමූහය දේශීය හා විදේශීය වශයෙන් ආගන්තුක සත්කාරක කර්මාන්තය තුළ අවස්ථා ගවේෂණය කිරීම නිරන්තරයෙන් සිදුකරනු ලැබූවක් බවත්, මාධ්‍ය වාර්තාවල පළ වූ ආකාරයෙන් එවැනි සුවිශේෂී තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත්ය.

    තවද එවැනි අනාවරණයක් සිදුකළ යුතු නිසි අවස්ථාවේ දී නිසිකලට ඒ බව කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    පහත දැක්වෙන්නේ හේලීස් සමූහයේ සභාපති හා ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත සිදුකරන ලද දැනුම් දීමයි.