March, 17, 2026
අපනයන ක්ෂේත්‍රය ප්‍රමුඛ කාර්යයක් සේ සලකා අපනයනකරුවන්ට අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම, කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශ විසින් මේ වන විට සිදුකරමින් පවතින බවත්, මේ දක්වා එම තොරතුරු ලබා දී නොමැති අයෙක් වේ නම් වහාම එම තොරතුරු ලබා දෙන ලෙසත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටී.
"මේ වන විට ලංකාව පුරා අපනයනකරුවන් 4,500කට වැඩි ප්‍රමාණයක් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විසිරී සිටිනවා. මැදපෙරදිග කලාපයේ ඉන්ධන අර්බුදයත් එක්ක, විශේෂයෙන්ම QR ක්‍රමයත් එක්ක අපි රජය විදියට තීරණය කරලා තියෙනවා, අපගේ අපනයන ක්ෂේත්‍රය ප්‍රමුඛතම කාර්යයක් සේ සලකා, අපගේ අපනයනකරුවන්ට අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට. ඒ වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විදියට අපි මැදිහත් වෙලා සිටිනවා. ඒ අවශ්‍ය කරන දත්ත, කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය විසින් එකතු කරගනිමින් සිටිනවා. තවමත් ඒ තොරතුරු ලබා දීලා නැති කෙනෙක් ඉන්නවා නම්, ඒ තොරතුරු ලබා දෙන්න. ඉන් පසු එය අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකලා, ඒ අවශ්‍ය කරන පහසුකම් ලබා දීමට අපි අපනයන සංවර්ධන මණ්ඩලය විදියට කටයුතු කරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා අපනයන ක්ෂේත්‍රය කිසිම බාධාවකින් තොරව කටයුතු පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය කරන පහසුකම් අපගේ අපනයනකරුවන්ට ලබා දීම සඳහා."
Video Story