අපනයන ඉහළට. වෙළඳ හිඟයත් අඩුවේ

    May, 26, 2014

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් හෙළි වන්නේ 2014 අප්‍රේල් මාසයේ මෙරට අපනයන 2013 අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 28.6 කින් ඩොලර් මිලියන 1069 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.

    මේ අනුව, කෘෂි කාර්මික අපනයන සියයට 22.4 කින් ඩොලර් මිලියන 256.7 ක් දක්වාද, ඇඟලුම් අපනයන සියයට 32.6 කින් ඩොලර් මිලියන 456 ක් දක්වාද වර්ධනය වී ඇත.

    මේ අතර, ගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2014 අප්‍රේල් මාසයේදී ආනයන සියයට 8.2 කින් වර්ධනය වී එහි වටිනාකම ඩොලර් මිලියන 1672 ක්වී තිබේ. මෙම තත්ත්වය තුළ 2014 අප්‍රේල්වල මෙරට වෙළඳ හිඟය සියයට 18.5 කින් අඩුවී එහි අගය ඩොලර් මිලියන 605 ක්වී තිබේ.