අපනයන විභවතාවක් සහිත සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට අවදානම් කළමනාකරණය, උපාය මාර්ග සහ ඉන්කො ටර්ම්ස් ගැන වැඩමුළුවක්

    February, 12, 2026

    "දේශසීමා ඉක්මවා ජාත්‍යන්තර වෙළඳාමේ තරඟකාරිත්වය ජය ගැනීමට අවදානම් කළමනාකරණය, උපාය මාර්ග සහ ඉන්කො ටර්ම්ස්" යන මාතෘකාව යටතේ වූ පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ පුහුණු වැඩසටහනක් පෙබරවාරි මස 18 වැනි බදාදා පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු සංවිධානය කොට තිබේ. විභව අපනයනකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අපනයන ප්‍රවීණතා ඉහළ නැංවීම වැඩමුළුවේ අපේක්ෂාව වේ.

    ප්‍රවීණ අපනයන පුහුණුකරු දිනේෂ් ද සිල්වා මෙහෙයවන මෙම වැඩසටහන සිංහල සහ ඉංග්‍රීසි පැහැදිළි කිරීම් සහිතව සිදුකෙරෙන අතර, ක්ෂේත්‍රයට සම්බන්ධ සත්‍ය සිද්ධි ඇසුරෙන් වන ප්‍රායෝගික අභ්‍යාසයන්ද වැඩමුළුවට අයත්ය.

    කොළඹ 02, නවම් මාවත, අංක 42 දරණ ස්ථානයේ පිහිටි NDB-EDB ගොඩනැගිල්ලේ 03 වන මහළ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා සහභාගී වන්නන්ට, ඇණවුම් ස්ථාපිත කිරීම සහ සාකච්ඡා කිරීමේ උපාය මාර්ග, ගැනුම්කරුගේ විශ්වාසය සහ විශ්වාසනීයත්වය ඇති කිරීම, නිෂ්පාදන දැනුම සහ ඵලදායී ලේබල් කිරීම සහ ඇසුරුම් කිරීම, තරඟකාරිත්වය සඳහා උපායමාර්ගික මිලකරණය, ව්‍යාපාර අවදානම් කළමනාකරණය කිරීම, වෙළඳාමේ Incoterms ප්‍රායෝගිකව භාවිතා කිරීම සහ ආරක්ෂිත ගනුදෙනු සඳහා ජාත්‍යන්තර ගෙවීම් නියමයන් භාවිතා කිරීම ආදී විෂය ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇත.

    මේ සඳහා උනන්දුවක් දක්වන්නන් වෙළඳ පහසුකම් අංශයේ 071 6993554 හෝ 011 2300 705-11 අංක අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. සීමිත පිරිසක් පමණක් ඇතුළත් කරගන්නා බැවින් ලියාපදිංචි වන පිළිවෙල අනුව සහභාගිත්වය ලබා දෙනු ලැබේ.

    Video Story

    Stock Market

    Exchange Rates