අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ පළමු සමුද්‍රීය සමුළුව “Voyage Sri Lanka 2024” සඳහා සියල්ල සූදානම්

    November, 5, 2024

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින්  ප්‍ර‍ථම වරට සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශයේ සියළුම පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් ශ්‍රි ලාංකීය සමුද්‍ර සහ අක්වෙරළ සේවා අංශය ප්‍ර‍වර්ධනය කරන Voyage Sri Lanka 2024  සමුළුව සදහා අදම ලියාපදිංචි වී බේ ආසනය තහවුරු කර ගන්නා ලෙස සමුද්‍රීය අංශය සදහා උනන්දු වන සැමට ආරාධනා කර සිටී.

    මෙම සමළුව නොවැම්බර් 26 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙහිදී ශ්‍රී ලංකාවේ සාගර සම්පත්වල අනාගතය ගවේෂණය කිරීම සඳහා සමුද්‍ර සහ අක්වෙරළ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්, ආයෝජකයින්, විශේෂඥයින් සහ විවිධ පාර්ශවකරුවන් එක්කිරීම අරමුණු කරයි.

    තිරසාර සමුද්‍රීය භාවිතයන්, තාක්ෂණික දියුණුව සහ අනාගත ආයෝජන සහ අපනයන අවස්ථා පිළිබඳ සාකච්ඡා සමඟින් ක්ෂේත්‍රයේ විශේෂඥයන් ප්‍ර‍වීනයින් හා සෙසු වෘත්තිකයින් සම ජාලගත වීමට සමුද්‍රීය අංශය පිළිබද උනන්දුවන බට මෙය ඉතාමත් වැදගත් අවස්තාවක් වන අතර www.voyagesrilanka.lk  හි ලියාපදිංචි වී බගේ ස්ථානය අදම වෙන්කරවාගන්න.

    වැඩිදුර තොරතුරු සඳහා විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්න: exposervices@edb.gov.lk, දුරකථනය: +94 11 2300 723 ප්‍රියදර්ශනී: +94772494807 | පවිත්‍ර: +94778235671