අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය අතර අවබෝධතා ගිවිසුමක්

    April, 4, 2025

    මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳව විමර්ශන කටයුතු සඳහා අන්‍යෝන්‍ය සහයෝගය පුළුල් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ශ්‍රී ලංකා පොලිසිය අතර ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරිණි.

    මෙම ගිවිසුම 2025 අප්‍රේල් 03 වන දින කොළඹ පොලිස් මූලස්ථානයේදී අත්සන් කරන ලද්දේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සහ වැඩබලන පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා යන මහත්වරුන් විසිනි.

    මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ජාතික උත්සාහයන් තවදුරටත් ශක්තිමත් කරනු ලබන අතර, විදේශ විනිමය නියාමන සහ නීතිමය ක්‍රියාමාර්ගයන් වැඩිදියුණු කිරීමටද උපකාර වනු ඇත.