අපනයන සවිබල ගැන්වීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ සිය වෙබ් අඩවිය ප‍්‍රතිනිර්මාණය කරයි

    July, 27, 2020

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම සිය වෙබ් අඩවිය ප‍්‍රතිනිර්මාණය කරමින් ඩිජිටල් තාක්ෂණික හැකියාව සහ ඒ ඔස්සේ සිය අපනයන ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. ප‍්‍රතිනිර්මාණය කරමින් යාවත්කාලීන කරන ලද නව ක‍්‍රිස්බ්‍රෝ වෙඞ් අඩවිය වැඩි දියුණු කරන ලද තාක්ෂණික හැකියාවන්ගෙන් සහ භාවිතා කරන්නන්ගේ පහසුව පිණිස එක් කරනු ලැබු පහසුකම් රැුසකින් සමන්විත වී ඇත. සිය අභිනව වෙබ් අඩවිය තුළ ක‍්‍රිස්බ්‍රෝ සමගින් ගනුදෙනු කරන සියලූ පාර්ෂවකරුවන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති අතර අපනයන ක්ෂේත‍්‍රය වෙත වැඩියෙන් නැඹුරු වී සිටින ක‍්‍රිස්බ්‍රෝ සමාගම මෙම වෙබ් අඩවිය තුළින් ඒ සඳහා ද පහසුකම් සලසා දී තිබේ. ක‍්‍රිස්බ්‍රෝ හි සන්නාම උපාය මාර්ගය බවට පත්ව ඇති ශ‍්‍රී ලංකාවේ කුකුළු ගොවිපළ කර්මාන්තය තිරසාරව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සහ අපනයන වෙළෙඳපොළ ප‍්‍රවේශය ද මෙම ප‍්‍රතිනිර්මාණය කරන ලද අභිනව වෙබ් අඩවිය මගින් නිරූපණය වනු ඇත.

    ‘‘ ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන විශිෂ්ටත්වය සහ සමාගමේ තිරසාර ව්‍යාපාරික ක‍්‍රිමවේදයන් පිළිබඳව පැහැදිලි අදහසක් අපගේ පාරිභෝගිකයින්ට, සැපයුම්කරුවන්ට සහ අනෙකුත් පාර්ෂවකරුවන්ට මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබා දෙන බැවින් මෙම අභිනව වෙබ් අඩවිය ක‍්‍රිස්බ්‍රෝ ගමන්මගේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව මගේ අදහසයි. ප‍්‍රතිනිර්මාණය කරන ලද වෙබ් අඩවිය ක‍්‍රිස්බ්‍රෝ සන්නාමයේ දැක්ම සහ මෙහෙවර මනාව පිලිබිඹු කෙරෙන සන්නිවේදන ක‍්‍රියාදාමයක් වන අතරම අපනයන අවස්ථා ශක්තිමත් කරමින් විදේශ විනිමය රට තුළට ගලා ඒම වර්ධනය කිරීමත් ඒ තුළින් රටේ ආර්ථිකයට සවියක් බලා දීම අපගේ දිගුකාලීන අරමුණු අතර පවතිනවා’’යනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමණාකාර අමෝරේස් සෙලර් මහතා පැවසීය.

    ක‍්‍රිස්බ්‍රෝ සමාගම මැදපෙරදිග ගල්ෆ් කලාපයට සිය පළමු අපනයන තොගය පසුගියදා සිදු කළ අතර ගල්ෆ් සහයෝගීීතා කලාපයට අපනයනය කළ විශාලතම කුකුළු මස් තොගය මෙය වේ. මේ අතර තවත් කුකුළු මස් තොගයක් මාලදිවයිනට අපනයනය කිරීම ද පසුගියදා සිදු කෙරිණ.

    ආර්ථික දෘෂ්ටිකෝණයෙන් බැලූ විට කුකුළු ගොවිපළ කර්මාන්තය මෙරට ආර්ථිකය සුවිශේෂි දායකත්වයක් දක්වන අතර පශු සම්පත් ක්ෂේත‍්‍රයෙන් දළ දේශීය නිෂ්පාදිතය සඳහා 0.6‍්‍රක් වේ. මෑතකාලීනව කුකුළු ගොවිපළ කර්මාන්තය කෘෂි ක්ෂේත‍්‍රය සඳහා ද සැලකිය යුතු දායකත්වයක් දක්වා ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ අපනයන ආදායම වර්ධනය කිරීමට ද කුකුළු ගොවිපල කර්මාන්තය වර්තමානයේදී ප‍්‍රශස්ත දායකත්වයක් දක්වා ඇත. බිත්තර සහ කුකුළුමස් මේ වන විට මැදපෙරදිග සහ මාලදිවයින වෙළෙඳපොළට අපනයනය කෙරෙන අතර නුදුරේදීම මෙරට කුකුළු ගොවිපල නිෂ්පාදන යුරෝපා සංගමයේ රටවලට ද අපනයනය කිරීමට මෙරට කුකුළු ගොවිපල නිෂ්පාදන සමාගම් දැනටමත් පියවර ගෙන ඇත. වඩාත් සංවිධානාත්මක ආකාරයට ක‍්‍රියාත්මක වන මෙරට කුකුළු ගොවිපළ ව්‍යාපාරය නූතන තාක්ෂණයෙන් සවිබල ගැන්වී ඇති අතර රජයේ බදු ආදායම සඳහා ප‍්‍රශස්ත දායකත්වයක් ද දක්වයි.

    වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව ^vertically-integrated& තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක.ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.

    සේයාරූ සටහන - ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රතිනිර්මාණය කරන ලද වෙබ් අඩවිය