අපි අධ්‍යාපන වියදම් කපන්න කියල නෑ- මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානී

    May, 30, 2014

    මෙරට අධ්‍යාපනික වියදම් අඩුකිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජය සමග අවබෝධතාවයට පැමිණ නොමැති බවත් අධ්‍යාපනික වියදම් වැඩිකිරීම වැදගත් දෙයක් යැයි තමන්ද සිතන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානියා කියයි.

    කොළඹට පැමිණ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානී, ටොඩ් ෂ්නයිඩර් අද කොළඹදී අදහස් දක්වමින් මේ බව පැවසීය.

    අද උදෑසන ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ අධ්‍යාපන වියදම් කපා දැමීම සඳහා මැදිහත් වීමක් කර තිබෙනවාද කියායි.

    එම චෝදනා ටොඩ් ෂ්නයිඩර් මහතා ප්‍රතික්ෂේප කළේය.