August, 19, 2014
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (Gross Domestic Product) 2016 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 100 ක සීමාව පසුකරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විශ්වාසය පළකරයි.
කොළඹදී පැවැත්වෙන 2014 ආරක්ෂක සමුළුව අමතමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව අනාවරණය කළ අතර ඔහු කියා සිටියේ මේ වසර අවසන් වනවිට මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 77 ක සීමාවට ළඟාවනු ඇති බවයි.
2005 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය පැවතියේ ඩොලර් බිලියන 24 ක් ලෙසයි.
වැඩිදුරටත් කරුණු දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේ උතුරු පළාතේ යටිතල පහසුකම් ඇතුළු ගොඩනැගීම් සිදුකිරීමට රජය විසින් මේ වනවිට ඩොලර් බිලියන 3.5 කට ආසන්න මුදලක් ආයෝජනය කර තිබෙන බවයි.
එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 12,000 ක් පමණ පුනරුත්ථාපනය කර සමාජගත කර ඇතැයිද හෙතෙම පැවසීය.
Video Story