March, 27, 2014
මසුන් ඇල්ලීම සඳහා ලංකාවට ආසන්න ජාත්‍යන්තර ගැඹුරු මුහුදේ මෙරට ධජය සහිත යාත්‍රා 06 ක් දැනට යොදවා තිබෙන ජපානයේ “ටූනා කින්ග්“ හෙවත් කියෝෂි කිමුරා තවත් එවැනි යාත්‍රා 14 ක් ළඟදීම ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යෙදවීමට සූදානම් වනබව අනාවරණය වේ.
මේ පිළිබඳව අප සමග ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
“මෙම යාත්‍රා මගින් අල්ලන මසුන් අපනයනය කරන්නෙ ලංකාවේ සිටයි. එවිට අපට මේ තුළින් විදේශ විනිමය උපයාගත හැකියි. යාත්‍රා ප්‍රමාණය වැඩි වෙන්න වැඩිවෙන්න ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩිවෙනවා.“
කිමුරා විසින් ජපානය තුළ සුෂි අවන්හල් ජාලයක් පවත්වාගෙන යයි.
මේ වනවිට, තායිවානය, ඉන්දුනීසියාව හා මැලේසියාව යන රටවල යාත්‍රා ලංකාවේ ලියාපදිංචි වී ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලන අතර ඒවා සිය මත්ස්‍යය අස්වැන්න අපනයනය කරන්නේද ලංකාවේ සිටයි.
ශ්‍රී ලංකාවේ බහුදින යාත්‍රා 3000 ක් පමණ තිබුණත් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සිදු කරන්නේ යාත්‍රා 300 ක් වැනි බොහෝ අඩු ප්‍රමාණයකි.
Video Story