අපේ විදේශීය වෙළඳාමේ ප්‍රගතියක්

    February, 11, 2014

    අපනයන ආදායම් අඩුවෙද්දී ආනයන වියදම් වැඩිවීම පසුගිය කාලයේදී ලංකාව මුහුණ දුන් ප්‍රධානතම අභියෝගයකි. මේ නිසා, අපගේ ගෙවුම් ශේෂය හා වෙළඳ හිඟය නිරන්තරයෙන් පීඩනයට පත්වුණි.

    කෙසේවෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවරණය වෙන්නේ  2013 වසරේදී මෙරට සමස්ත ගෙවුම් ශේෂයේ ඩොලර් මිලියන 991 ක අතිරික්තයක් වාර්තා වූ බවයි.

    මේ සඳහා එම වසරේදී මෙරට අපනයන සියයට 6.2 කින් වර්ධනය වී ඩොලර් බිලියන 10.38 ක්වී තිබීමත් ආනයන අඩුවී එහි වටිනාකම ඩොලර් බිලියන 17.99 ක්වී තිබීමත් හේතුවී තිබේ.

    මහ බැංකුව පවසන්නේ ලෝක ආර්ථික අර්බුද හමුවේ මෙය ලංකාව ලබාගත් ප්‍රගතියක් බවයි.

     

     

    මේ අතර, පසුගිය දෙසැම්බර් මාසයේද මෙරට අපනයන සියයට 13.2 කින් වර්ධනය වී එහි සමස්ත වටිනාකම ඩොලර් මිලියන 986.1 ක්වී තිබෙන අතර  කර්මාන්ත අපනයන සියයට 15.2 කින්ද, කෘෂි කාර්මික අපනයන සියයට 11.4 කින්ද එහිදී වර්ධනය වී ඇත.

     

    මේ අතර, දෙසැම්බර් මාසයේදී මෙරට ආනයනද ඩොලර් බිලියන 1,551.1 ක් දක්වා සියයට 2.1 කින් වර්ධනය වී තිබේ.