අබාන්ස් බිලියන 02 ක් ඉල්ලයි

    December, 8, 2014

    අබාන්ස් පී.එල්.සී. සමාගම ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 02 ක් රැස්කිරීමට සූදානම් වන අතර මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබේ.

    මෙහිදී, එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් මුලින් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇතිවූ විට තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

    නිකුතුව මහජනතාවට විවෘත වන්නේ දෙසැම්බර් 18 වනදායි.