June, 27, 2016
අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී රුපියල් මිලියන 276 ක අරමුදලක් සම්පාදනය කරගැනීම සඳහා පුද්ගලික කොටස් නිකුතුවක් සිදුකිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ අනුව රු. 25.00 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 11,067,978 ක් නිකුත් කෙරෙන අතර එහිදී රුපියල් 276,699,450.00 ක මුදලක් සම්පාදනය කර ගැනීමට බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද අයන්වුඩ් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම වෙත මෙලෙසින් අබාන්ස් ෆිනෑන්ස් හි කොටස් මුදා හැරෙනු ඇත.
අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය කොටස් මිලියන 44.4 කින් සමන්විත වන අතර එහි වටිනාකම රුපියල් 567,373,630.00 කි.
අනාගත ආයෝජන හා ණය දීමේ කටයුතු සඳහා භාවිතයට ගැනීම වෙනුවෙන් සමාගමේ ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතාවයන් වර්ධනය කරගැනීමට මෙම පුද්ගලික කොටස් නිකුතුව සිදුකෙරෙනු ඇත.