අභියෝගාත්මක සංක්‍රමණික ක්ෂේත්‍රය හසුරුවාලීමෙහි Ardent සලකුණ

    October, 25, 2024

    සංක්‍රමණික කේෂ්ත්‍රයේ නිවැරදි ඉම සොයා ගොස් සාර්ථක වීමට නම්, සංක්‍රමණික ක්‍රියාවලියට අදාල පටිපාටිය සහ ඒ හා බැඳී ඇති නීතිමය තත්ත්වයන් ගැන නිවැරදි අවබෝධයක් මෙන්ම ප්‍රායෝගික දැනුවත් කමක් තිබීම වැදගත් කාරණාවකි. එසේ නොමැතිව සංක්‍රමණය වීමට යත්න දැරීමෙන් දරනා ප්‍රයත්නයට සාපේක්ෂ වටිනාකමක් ඇති   අවස්ථාවන් සොයා ගැනීමට තිබෙන වටිනා මඟ හැරී යාම නොවැලැක්විය හැකි කාරණයකි. රැකියා සඳහා, අධ්‍යාපනය සඳහා, වෙනත් රටක ස්ථිර පදිංචිය සඳහා හෝ සංචාරය කිරීමේ අරමුණ ඇතිව වීසා අයදුම් කිරීමේ දී ඒ වෙනුවෙන්ම වෙන්වූ වෘත්තීයවේදීන් ගේ සහාය ලබාගත හැකි නම් එම කාර්‍යයන් වඩාත් පහසුවෙන් හා ආතතියකින් තොරව සිදු කර ගැනීමේ හැකියාව පවතියි.

    වඩාත් සාර්ථක ජීවිතයක් ළඟා කර ගැනීමට වෙනත් රටකට (විදේශයකට) සංක්‍රමණය වීමට බලාපොරොත්තු වීම අද වන විට සුලභ කාරණයක් බවට පත්වී හමාරය. (තිබේ) නමුත් සංක්‍රමණික ක්‍රියාවලිය (විදේශ ගතවීම) නිසි පරිදි හසුරුවා ගැනීමට නම් සංක්‍රමණයට අදාල ක්‍රියාවලිය සහ නීතිමය අවශ්‍යතා පිළිබඳ නිසි අවබෝධයක් හා දැනුවත්භාවයක් (දැනුවත්කමක්) තිබීම ඉතා වැදගත් වෙයි. සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන්නේ රැකියා සඳහා හෝ අධ්‍යාපනය සඳහා මෙන්ම පවුල් සංක්‍රමණයට හෝ සංචාරය කිරීම පිණිස හෝ වේවා එයට අදාල පියවරයන් අනුගමනය කිරීමේදී ආතතියකින් තොරව එය සිදුකර ගැනීමට නම් ඒ පිළිබඳ දැනුවත්භාවය මෙන්ම පළපුරුද්ද ඇති විශ්වාසදායී පාර්ශවයකින් උපදෙස් සහ මඟ පෙන්වීම ලැබීම මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.

    දැනට වසර ගණනාවක සිට විශාල පිරිසකගේ විදේශ සිහින යථාර්තයක් බවට පත්කල සංක්‍රමණික උපදේශන ක්ෂේත්‍රෙය් කීර්තිමත් නාමයක් දරා සිටින ආර්ඩන්ට් ඉමිග්‍රේෂන් ආයතනය, විශේෂයෙන් කැනඩාව ඇතුළු උතුරු යුරෝපීය රටවල් සඳහා සංක්‍රමණ ක්‍රියාවලියේ අභියෝග ජයගැනීමට සහාය වීමට කැපවී සිටියි. ඔවුන් සමඟ එක්ව තමන්ගේ සිහින දේශයන් තවදුරටත් සිහිනයක් නොව යථාර්තයක් කරගත් බොහෝ පිරිසගේ තොරතුරු ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා සොයා ගත හැකිය.

    ආර්ඩන්ට් ඉමිග්‍රේෂන් ආයතනයේ ආරම්භය සිදුවන්නේම කැනඩාවේ ඉතාම අභියෝගාත්මක සංක්‍රමණික ක්‍රියාවලිය සාර්ථකව ජයගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස්කර (දීම සඳහායි) ඊට ඉඩහසර පාදා දීම අභිප්‍රාය කොටගෙනය. (කරගෙනයි). කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ගේ සංක්‍රමණ ක්‍රියාවලිය මුල සිටම නිවැරදිව සැලසුම් කිරීම තුළින්, සාර්ථක අවසානයක් කරා ළඟා වීම අරමුණ කරගෙන සැමවිටම අපගේ ක්‍රියාවලිය පදනම්ව පවතී. සංක්‍රමණ ක්‍රියාවලිය හා බැඳී ඇති වඩාත් වැදගත් සහ සැලකිලිමත් විය යුතු අංශය වන නිසි ලියකියවිලි ඉදිරිපත් කිරීමේ භාරදූර කාර්‍ය්‍ය, අප ආයතනය විසින් වඩාත් හොඳින් සැලසුම් කොට කාර්‍ය්‍යක්ෂම සහ ඵලදායී අයුරින් කළමණාකරය කර තිබීම නිසාම අපගේ සාර්ථකත්වයේ අනුපාතය වඩාත් සාධනීය අගයකින් නිරන්තරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව අපට ලැබී තිබෙනවා. ඒ වගේම සමහර පවුල් නැවත එකතු කිරීමට, තමාගේ දක්ෂතා වර්ධනයට උත්සාහවත් සිසුන්ට නිසි අධ්‍යාපනික ආයතන සොයාදීම තුලින් ඔවුන්ගේ අනාගත අභිවෘද්ධියට දායකත්වයක් සැපයීමට හැකිවීම, දක්ෂ වෘත්තීයවේදීන්ට, සේවකයින්ට රැකියා බලපත්‍ර ලබාදීම මෙන්ම දැඩි අභියෝගාත්මක සංක්‍රමණික නඩු වලට සේවාවන් සැපයීම වැනි ක්ෂේත්‍ර බොහොමයක් ඔස්සේ අපගේ සේවාවන් ලබා දීමට හැකිවීම කෙරෙහි අප නිහතමානීව ආඩම්බර වන බව ආර්ඩන්ට් ඉමිග්‍රේෂන් ආයතනයේ නීති හා ප්‍රලේඛන ප්‍රධානී කෞමදී ගලගෙදර මෙනෙවිය පැවසුවාය.

    ආර්ඩන්ට් ඉමිග්‍රේෂන් ආයතනය මූලික වශයෙන් සංක්‍රමණය සඳහා නීති උපදේශනය ලබාදීම හැරුණු කොට තවත් සේවාවන් රාශියක් ලබාදෙයි. PR කාඩ්පත් අලුත්කිරීම, පුරවැසිභාවය අයදුම් කිරීම සඳහා සේවා සැපයීම, වීසා දීර්ඝ කිරීමට අදාල සේවාවන් ලබාදීම, සරණාගත වීසා අයදුම් කිරීමට අදාල සේවාවන්, නඩු විභාග සඳහා සේවා සැපයීම, රැඳවුම් සමාලෝචන වලට අදාල කැනඩාවේ නඩු අයදුම්පත් සේවාවන් වැනි විශාල ප්‍රමාණයක් මීට අයත් වෙයි. කැනඩාව හැරුණු විට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය, අයර්ලන්තය, ෆින්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු උතුරු යුරෝපීය රටවල් සඳහා ද මෙම සේවාවන් ආර්ඩන්ට් ඉමිග්‍රේෂන් ආයතනය මගින් සලසා ගත හැකිය.

    ආර්ඩන්ට් ඉමිග්‍රේෂන් ආයතනයේ ප්‍රධාන කාර්‍ය්‍යාලය කැනඩාවේ ඇල්බර්ටා හි පිහිටා ඇති අතර එහි ශාඛාවක් ශ්‍රී ලංකාවේ බම්බලපිටියේ පිහිටා ඇත. ආර්ඩන්ට් ඉමිග්‍රේෂන් ආයතන ප්‍රධානී බැරිස්ටර් සහ සොලිසිටර් (ඇල්බර්ටා, කැනඩා) නියාමනය කරන ලද කැනේඩියානු ආගමන උපදේශක සහ නීතිවේදී (R 706958) සචිර විමලවීර මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනයෙන් ඔබට දක්ෂ, සුහදශීලී සේවක මඩුල්ලකගේ සේවාවන් සමගින් ඔබගේ සිහින ගමනාන්තට පිය නැගීමට ඔවුන් හා සම්බන්ධ වීමට පහත දුරකථන අංක වලට ඇමතීමෙන් හැකියාව ලැබේ. වැඩි විස්තර සඳහා අමතන්න 011 258 1317 හෝ +94 77 087 5330