අම්බානිගේ මඟුල් ගෙදරට ප්‍රයිවට් ජෙට් 100ක් හයර් කරලා

    July, 12, 2024

    ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය අද (12) දින සිට මුම්බායි හි Jio World Convention Centre හිදී පැවැත්වේ.

    ලොව සම්භාවනීය පුද්ගලයින් රැසක්ම මෙම මංගලෝත්සවයට සහභාගී වීම සඳහා මේ වන විටත් මුම්බායි නුවරට පැමිණ තිබේ.

    මේ අතර ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එලෙස පැමිණෙන අමුත්තන්ගේ ගමන් පහසුව පිණිස අතිසුඛෝපභෝගී Falcon 2000 Jet යානා 3 ක්ද ඇතුළුව පුද්ගලික ජෙට් යානා 100 ක ඇණියක් මේ සඳහා සූදානම් කර ඇති බවයි.

    මේ බව තහවුරු කරමින්, Falcon 2000 ජෙට් යානා 3ක් කුළියට ගැනීමට අම්බානි කටයුතු කර ඇති බව Air Charter company Club One Air හි ප්‍රධාන විධායක නිලධාරී Rajan Mehra, රොයිටර්ස් පුවත් සේවය වෙත පවසා ඇත. පුද්ගලික ගුවන් යානා 100කට වැඩි ප්‍රමාණයක් මෙම උත්සව සමය වෙනුවෙන් යොදා ගෙන ඇති බව එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබේ.