August, 16, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වන අලුත්ම සමාගම වන අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් හි ද්විතීයික කොටස් ගනුදෙනු එළඹෙන 18 වන බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට නියමිතය.
මෙහිදී කොටස් මිලියන 500 ක් කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත වනු ඇත.
සාමාන්‍ය රක්ෂණ සහ ජීවිත රක්ෂණ විභේදනයෙන් පසු කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන පළමු ජීවිත රක්ෂණ සමාගම වනුයේ අමානා තකාෆුල් ලයිෆ් සමාගමයි. අමානා තකාෆුල් හි සාමාන්‍ය රක්ෂණ සමාගම මේ වන විටත් ලැයිස්තුගත කර තිබේ.