අමුත්තන්ගේ ආරක්ෂාව, සේවා අඛණ්ඩතාව සහ ප්‍රජා ප්‍රතිසාධනය පවත්වා ගැනීම සඳහා Cinnamon Hotels & Resorts කටයුතු කරයි

    December, 3, 2025

    මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී Cinnamon Hotels & Resorts අපගේ ප්‍රජාවන් සමඟ එක්සත් වී සිටින අතර අපගේ අමුත්තන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම සහතික කරමින් ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීමට කැපවී සිටීමු.

    පසුගිය දින කිහිපය තුළ, දිවයින පුරා ඇති වූ අයහපත් කාලගුණය අපගේ හෝටල් කිහිපයක ක්‍රියාකාරීත්වයට තාවකාලිකව බලපෑවේය. අපගේ කණ්ඩායම්වල කඩිනම් ප්‍රතිචාරයට සහ කැපවීමට ස්තූතිවන්ත වන්නට, බලපෑමට ලක් වූ සියලුම නිවාඩු නිකේතන වන සිනමන් ලොජ් හබරණ (Cinnamon Lodge Habarana), හබරණ විලේජ් බයි සිනමන් (Habarana Village by Cinnamon), සිනමන් සිටඩෙල් කැන්ඩි (Cinnamon Citadel Kandy), කැන්ඩි මිස්ට් බයි සිනමන් (Kandy Myst by Cinnamon) s § ລົ໘ ໙໖ ໑ (Trinco Blu by Cinnamon) ක්‍රියාකාරීත්වයන් යථාතත්වයට පත්ව ඇති බැවින් යලිත් අමුත්තන් පිළිගැනීම නැවත ආරම්භ කර ඇති බව තහවුරු කිරීමට අපි සතුටු වෙමු.

    පසුගිය සතියේ ප්‍රදේශ කිහිපයකට තාවකාලික කාලගුණික බාධා ඇති වුවද, සියලුම අමුත්තන්ගේ ආරක්ෂාවට පූර්ණ ප්‍රමුඛතාවයක් ලබා දුන් අතර, අපගේ සංචාරක හවුල්කරුවන්ට හට ද අඛණ්ඩව දැනුවත් කරන ලදී.

    2025 දෙසැම්බර් 01 වන දින වන විට, සියලුම සිනමන් හෝටල් සහ නිවාඩු නිකේතන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන අතර, නිවාඩු නිකේතන ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

    ක්‍රියාකාරීත්වය බාධාවකින් තොරව දිගටම පවතින අතර, අමුත්තන් පැමිණීම, රැඳී සිටීම සහ පිටත්වීම නියමිත පරිදි සිදුවේ. එමෙන්ම සියලුම වෙන් කිරීම්, පැමිණීම් සැලසුම් කළ පරිදි නොවෙනස්ව පවතී.

    මෙම කාලය තුළ ප්‍රජාවන්ට සහාය වීම සඳහා අපගේ කැපවීමේ කොටසක් ලෙස, ජෝන් කීල්ස් සමූහය සහ අපගේ පදනම සමඟ එක්ව, බලපෑමට ලක් වූවන්ට සහාය වීම සඳහා සිනමන් හෝටල් ඇන්ඩ් රිසොර්ට්ස් ක්‍රියාකාරීව කටයුතු කරයි.

    ප්‍රමුඛ පෙළේ ආගන්තුක සත්කාර සන්නාමයක් ලෙස, අපගේ ප්‍රමුඛතාවය වන්නේ අප සමඟ රැඳී සිටින හෝ අප අවට ජීවත් වන සැමට අඛණ්ඩ සුව පහසුව සහ ආරක්ෂාව සහතික කරන අතරම රට යථා තත්ත්වයට පත් කිරීමට සහාය වීමයි.මෙම තත්වය හමුවේ කැපවීමෙන් ක්‍රියා කළ අපගේ කණ්ඩායම්, පළාත් පාලන ආයතන, හවුල්කරුවන් සහ අපගේ අමුත්තන්ගේ අවබෝධය සහ සහයෝගීතාවයට අපගේ අවංක කෘතඥතාව පළ කරමු.

    අපි සාමූහිකව යථා තත්ත්වයට පත්වීම කරා යන ගමනේ, යාවත්කාලීන තොරතුරු සහ සේවාවන් ලබා දෙමින් සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ රැදී සිටිනු ඇත.