September, 18, 2014
චීන ජනාධිපතිවරයා ලංකාවට පැමිණි අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයට සංස්කෘතික අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැළඳ පැමිණි සපත්තු කූට්ටම මාධ්‍යයේ දැඩි අවධානයට ලක්වුණා.
ඒ එම සපත්තු කූට්ටමේ අඩි දෙකම ගැලවී ගොස් තිබුණු නිසයි. මෙය හිතා මතාම කළ එකක් යැයි ඇතමුන් පැවසුවා. මෙම සපත්තු කූට්ටම ලංකාවේ නිපදවූ එකක් බවත් පොලොවේ පය ගසා එම උත්සවයට සහභාගී වීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බවත් පවසමින් සංස්කෘතික අමාත්‍යවරයා අප සමග අදහස් දැක්වූවා.
සුදුපාට සපත්තු කූට්ටමක් තමාට තිබූ බවත් එය ජාතික ඇඳුමට ගැලපෙන නිසා මකුළු දැල් කඩා දමා පැළඳ ගිය බවත් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොඩවන විටම එහි අඩි දෙකම ගැලවී ගිය බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ගම්වල පොලොවේ අඩිය තියා ඇවිදින අය විදිහට සපත්තු අඩි දෙකම ගලවා දමා තමා මෙම උත්සවයට සහභාගී වූ බව අමාත්‍යවරයා කීවා.
“මහ පොළොවේ පය තියල ජනාධිපති තුමාට අතට අත දෙන්න ලැබීමත් සතුටට කාරණයක්.“
මේ පිළිබඳව මාධ්‍යයේ අවධානය යොමුවූ බවත් සංස්කෘතික අමාත්‍යවරයාගේ ඇඟිලි පවා අවධානයට යොමුවීම සතුටට කරුණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Video Story