October, 18, 2016
[two_third last=last] එළඹෙන අයවැය වෙනුවෙන් අදහස් හා යෝජනා විමසීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක හා ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර හමුවක් පසුගිය දා පැවැත්විණි.
ලංකා වාණිජ මණ්ඩල සභාපති සමන්ත රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට මණ්ඩලයේ සියලු කමිටු නියෝජනය වන පරිදි නිලධාරීන් එක් වූ අතර ඔවුන් හට සෘජුව මුදල් අමාත්‍යවරයා සමඟ සම්මුඛ වීමට මෙහිදී අවස්ථාව සැලසිණි.
කෘෂිකර්ම, බදුකරණය, දේපළ වෙළෙඳාම, බැංකු නොවන මූල්‍ය ආයතන, පරිවහණය, ඇඟළුම් හා රස කැවිලි කර්මාන්තය යනා දී ක්ෂේත්රයන් පිළිබඳ ඇති ගැටලු කිහිපයක්ම මෙහිදී මුදල් අමාත්‍යවරයාගේ අවධානයට ලක් කෙරිණි.