අයවැයෙන් පසු වාහන වෙළෙඳපොළට වෙන දේ VIDEO

    November, 17, 2016

    මෙවර අයවැය පිළියෙල කිරීමේ දී ඒ හා අදහස් දක්වන්න තමන් හට අවස්ථාවක් ලැබුණු බවත්, මුදල් අමත්‍යාවරයා අයවැය සකස් කිරීමේ දී තම අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගෙන ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද දෙරණ Biz 24x7 සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙරෙන්චිගේ මහතා මෙම අදහස් පළ කළේය.

    මේ අනුව වෑන් රථ, මඟී වෑන් රථ, කෘෘකැබ්, ලොරි රථ ආදියෙහි බදුවල අඩු වීමක් මෙවර අයවැයෙන් සිදු වී ඇති බව පැවසූ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉලෙක්ට්‍රික් කාර් රථ සඳහා පනවා තිබූ ඒකක බද්ද එසේම තිබිය දී වටිනාකම මත පනවා තිබූ බද්ද අහෝසි කරදෙන ලෙස කරන ලද ඉල්ලීම මෙවර අයවැයේ දී සලකා බලා ඇති බවයි.

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz 24x7 සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=czjQPnwNt3Y