අයවැයෙන් රට හොල්මන් කරන්න රවී සූදානම්

    September, 21, 2016

    මෙවර අයවැයෙන් රට හොල්මන කරන අවස්ථාවක් පෙන්නවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    “රටේ ආර්ථිකය අපි ඉදිරියට අරගෙන යනවා. බාධක මධ්‍යයේ වුවත් අපේ ආදායම ඇස්තමේන්තුගත අගයයටත් වැඩියෙන් ලබා ගන්න අපිට හැකි වී තිබෙනවා.“

    “මුදල් අමාත්‍යාංශයේ සිටින සියලූම නිලධාරීන්ට මේ අවස්ථාවේ දී මා ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේ දී සියලු දෙනාගේ එකමුතුභාවය තුළින් අපි ඉදිරියට වැඩ කර ගෙන යනවා.“

    මෙහිදී වැඩිදුරටත් අදඑස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ කියා සිටියේය.

    “නොවැම්බර් මාසේ අයවැයෙන් මේ රට හොල්මන් කරන අවස්ථාව අපි එදාට පෙන්නනවා.“