January, 18, 2017
2017 අයවැය යෝජනා ප්‍රකාරව මෝටර් වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සහ තක්සේරු වටිනාකම අතර අනුපාතය (Loan to value ratio) ත්‍රීරෝද රථ සඳහා 25% ක්, මෝටර් රථ හා වෑන් රථ සඳහා 50% ක්, ලොරි හා බර වාහන සඳහා 90% ක් වන යෝජනාව 2016 ජනවාරි 16 දින සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර සිටී.
මේ අතර සංචාරක ක්ෂේත්රය බෙහෙවින් වර්ධනය වී එන බැවින් එම ක්ෂේත්රයේ ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන මෙන් සංචාරක ප්‍රවාහන පද්ධතියට අදාල වෘත්තිකයන් විසින් ඉල්ලීමක් කර තිබුණු බවත්, ඒ අනුව සංචාරක හා ප්‍රවාහන ක්ෂේත්රයට මෙම ණය සීමාවන් අදාළ නොවන අතර, ඔවුන්ට 100% ක ණය සහන පදනමෙන් වාහන මිලදී ගැනීමට හැකිවනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Video Story