October, 6, 2015
ලබන අයවැය ඉදිරිපත් කරන තෙක් ජපානයෙන් ශ්‍රී ලංකාවට වාහන එවීමෙන් වලකින්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ජපාන නිළ සංචාරයට එක්වී සිටින මුදල් අමාත්‍යවරයා එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇතැයි සඳහන්ය.
අයවැය මගින් වාහන මිල අඩුවීම හෝ වැඩිවීම සිදුවීමේදී බොහෝවිට වාහන ආනයන කරුවන් අපහසුතාවයට පත්වීම සිදුවේ.
Video Story