අයවැය මාරයි බීලා හමාරයි

    November, 23, 2015

    නව රජයේ අයවැය යෝජනා ප්‍රකාරව බීර සහ මත්පැන් මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ.

    මේ අනුව බීර බෝලතයක මිල රු. 30 සිට හා මත්පැන් බෝතලයක් රු. 120 සිට මිල ගණන්වලින් ඉහළ ගොස් ඇත.

    මධ්‍යසාර සාන්ද්‍රණය 5% කට අඩු බීර බෝතලයක මිල රු. 30 කින් ද 5% වැඩි බීර බෝතලයක මිල රු. 70 කින් ද ඉහළ ගොස් තිබේ. මේ අනුව බීර බෝතලයක නව මිල රු. 190 ත් 320 ත් අතර මිලක් වනු ඇත.

    මෙම නව මිල සංශෝධනයත් සමඟම දේශීය වශයෙන් නිපදවන රටබීම ලීටරයක මිල රු. 2000 ඉක්මවනු ඇති බවට වාර්තා වේ.

    මේ අතර 2016 අයවැය මගින් මත්පැන් හා බීර මිල ගණන් ඉහළ යාමක් සිදුවෙතැයි හේතුකොට ගෙන, පසුගිය සතිය තුළ රටපුරා සුරාසැල්වල මත්පැන් හා බීර හිඟයක් නිර්මාණය වී තිබිණි.