January, 23, 2015
ලබන 29 වනදාට රජය විසින් ඉදිරිපත් කරන අයවැය මගින් 12, 25,000 ක් පමණ වන රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිකළද අයවැය හිඟය වැඩිවීමට ඉඩ ලබා නොදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.
ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩිව උපදෙස් ලබාදී තිබෙන බවත් අයවැය හිඟය තවදුරටත් අඩුකිරීම සඳහා වත්මන් රජය කැපවී සිටින බවයි.
ඛනිජ තෙල් මිල අඩුකිරීම, වැටුප් වැඩිකිරීම ඇතුළු සහන ලබාදීම නිසා මහා භාණ්ඩාගාරයට අහිමිවන මුදල් නැවතත් මහා භාණ්ඩාගාරය වෙත ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කර තිබෙන බවත් එය ලබන 29 වනදාට අනාවරණය වනු ඇති බවත් හෙතෙම කීය.
ජනතාවට බර පැටවීමට අදහස් කර නොමැති යැයි කරුණානායක මහතා කියූ අතර නාස්තිය හා දූෂණය වැලැක්වීමට කැපවී සිටින බව පැවසීය.
“අපි භාරගෙන තිබෙන්නෙ බංකොලොත් වූ ආර්ථිකයක්“
යනුවෙන් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Video Story