අරමුදල් කළමනාකරුවෙකු දිවිනසා ගනී

    June, 22, 2016

    නිව්යෝක් හි Visium Asset Management සමාගමේ හෙජ් අරමුදල් කළමනාකරුවෙකු (hedge fund manager) වූ සංජේ වල්වනිගේ මළ සිරුර, ඔහුගේ මහල් නිවාසය තුළ තිබිය දී සොයාගෙන තිබේ. පොලීසිය කියා සිටින්නේ මෙය සියදිවි නසාගැනීමක් බවට සැක කරන බවයි.

    අභ්‍යන්තරික වෙළෙඳාම (insider trading) යටතේ මෙම අරමුදල් කළමනාකරුවා හට පසුගිය සතියේ දී චෝදනා එල්ල වී තිබේ.මෑත කාලයේ දී ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ විශාලතම අභ්‍යන්තරික වෙළෙඳාම සම්බන්ධ චෝදනාව මෙය බවට සැලකේ.

    2005-2011 කාලය තුළ දී සමාගම්වල අභ්‍යන්තර තොරතුරු උපයෝගී කර ගනිමිනි ඩොලර් මිලියන 25 කට අධික මුදලක් උපයා ඇති බව ඔහුට විරුද්ධව එල්ල වී තිබූ චෝදනාවයි. මියයන විට ඔහු 44 වැනි වියෙහි පසුවිය.

    අභ්‍යන්තරික වෙළෙඳාම සම්බන්ධයෙන් ඇමරිකාව තුළ පවතින නීති ඉතා දැඩි අතර බොහෝ විට ජීවිතාන්තය දක්වා දඬුවම් විඳීමට ද චූදිතයින්ට සිදුවනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates